Tuesday, January 15, 2019

වැස්සක් (සට පට පට)

සට පට පට සට පට පට
චිරි චිරි චිරි චිචිරි චිචිරි
බින්දු බින්දු පොද වැස්සක්
පොකුරු පොකුරු මල් වැස්සක්...//
බින්දු බින්දු පොද වැස්සක්
පොකුරු පොකුරු මල් වැස්සක්

නීල වලාකුළු දියකර
හිරු සඟවා ගත් අහසින්
පොකුරු පොකුරු කඩා හැලී
බින්දු බින්දු බිමට වැටී...//

ගේ මුල්ලේ පූසි පැටව් නිදා වැටේ සීතලේ
මල් වරුසා ඇද හැලිලා
මිදුල පුරා ගඟ හැදිලා...//

පත්තර පිටුවක් නමලා
කරදහි ඔරුවක් හදලා...//

වැහි වතුරේ පා කරලා
පුංචි ළමුන් හිනැහෙනවා/////

ගායනය - රෝහිණී ජයසිංහ හා පුෂ්පමාලා සුභසිංහ
පද රචනය - අඥාතයි
තනුව - අඥාතයි

No comments: