Tuesday, January 15, 2019

පඹයා


කබල් මුට්ටියක් ඔළුවේ දාගෙන
සුදු හුනු දත් වල සිනහ නගාගෙන
සුරුට්ටු කොටයක් කටේ ඔබා ගෙන
වෙල මැද්දේ ඔබ මොකද කරන්නේ ...//

ඉරිච්ච සරමින් පිදුරු පේනවා
දිරච්ච කෙවිටක් වගේ දැනෙනවා ...//

තුවක්කු කොටයේ වේයො දුවනවා //
සුළං හමනකොට ඉබේ නැටෙනවා

කබල් මුට්ටියක් ඔළුවේ දාගෙන
සුදු හුනු දත් වල සිනහ නගාගෙන
සුරුට්ටු කොටයක් කටේ ඔබා ගෙන
වෙල මැද්දේ ඔබ මොකද කරන්නේ ...//

කුඹුරු පැහෙනකොට වැඩ වැඩි වෙනවා
ගිරා කුරුල්ලන් කූඹුරට එනවා ...//

ඔබ දුටු හැටියෙම බයේ දුවනවා //
හඳ මාමා කුඹුරම රැක දෙනවා

කබල් මුට්ටියක් ඔළුවේ දාගෙන
සුදු හුනු දත් වල සිනහ නගාගෙන
සුරුට්ටු කොටයක් කටේ ඔබා ගෙන
වෙල මැද්දේ ඔබ මොකද කරන්නේ ...//

ගායනය - රෝහිණී ජයසිංහ
පද රචනය - අඥාතයි
තනුව - අඥාතයි

No comments: