Monday, February 18, 2019

ලස්සණ අඹ ගසක් සොයාලා

මුල් ගීය

ලස්සණ අඹ ගසක් සොයාලා
ලස්සණ කූඩුවක් සදාලා
ලස්සණ කිරිල්ලී මේ මාගේ
ආවේ එක්ක යන්න මං ....//

සදාපු කූඩුව මං මුළදී
කැඩී බිඳී සිඳී ගියා
ඒ හින්දා තව එකක් සදාලා
ආවේ එක්ක යන්න මං ...//

ලස්සණ අඹ ගසක් සොයාලා
ලස්සණ කූඩුවක් සදාලා
ලස්සණ කිරිල්ලී මේ මාගේ
ආවේ එක්ක යන්න මං

ආ කරදර සැම ඉවසාලා
වෙන සැපතක් එපැයි කියාලා
මා වෙනුවෙන් දුක් වෙන හින්දා
ආවේ එක්ක යන්න මං

එන දුක පැණි රසයි කියන්නම්
ඔබෙ සිත එහෙමදැයි අසන්නම්
ඔබ එයට ඔව් කියන හින්දා
ආවේ එක්ක යන්න මං

ලස්සණ අඹ ගසක් සොයාලා
ලස්සණ කූඩුවක් සදාලා
ලස්සණ කිරිල්ලී මේ මාගේ
ආවේ එක්ක යන්න මං

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව - එම්.එස්.  ප්‍රනාන්දු


පසු ගැයුමක් (පද වල වෙනසක් කර ඇත)

ලස්සණ අඹ ගසක් සොයාලා
ලස්සණ කූඩුවක් සදාලා
ලස්සණ කිරිල්ලී මේ මාගේ
ආවේ එක්ක යන්න මං ....//

සදාපු කූඩුව මං මුළදී
කැඩී බිඳී සිඳී ගියා
ඒ හින්දා තව එකක් සදාලා
ආවේ එක්ක යන්න මං
ඒවාගෙ සැඩ සුළං ඇවිල්ලා
යයිද මේ කූඩුවත් කැඩීලා
ඔබ මාගෙ ළඟ ඉන්නවානම්
සෝකෙත් සැපක් සේ දැනේ

ලස්සණ අඹ ගසක් සොයාලා
ලස්සණ කූඩුවක් සදාලා
ලස්සණ කිරිල්ලී මේ මාගේ
ආවේ එක්ක යන්න මං

රසබර පලවැල නෙළාලා
කූඩුව වෙතට ගෙනඇවිල්ලා
ඔයාගෙ ළඟ ඉඳන් කවන්නම්
ලස්සණ කිරිල්ලී මේ මාගේ
උදෑසණින් මම පිබිදීලා
පෙම්බර ගීතයක් ගයාලා
ඔයාගෙ සිත තුටින් තබන්නම්
ලස්සණ කිරිල්ලී මේ මාගේ

ලස්සණ අඹ ගසක් සොයාලා
ලස්සණ කූඩුවක් සදාලා
ලස්සණ කිරිල්ලී මේ මාගේ
ආවේ එක්ක යන්න මං

No comments: