Tuesday, February 19, 2019

දෙවැනි ලෝකේ යුද්ධෙට

මුල් ගීය

දෙවැනි ලෝකේ යුද්ධෙට
බැඳුනා හමුදාවට
රස්සාවක් නැති හින්දා

පඩියක් දීලා මට
මැක්සිකෝ නම් රටට
යන්නට නැවක පැටෙව්වා

විවාහයක් වෙන්නට
බරිවුණා තාමත් මට
මිතුරෙක් නැවේදි හමුවුණා

ඔහු නැවේ සේවකයා
මැක්සිකන් ජාතිකයා
මැක්සිකෝවෙ ලක්ෂණ කිවුවා

ඒ රටේ තරුණියො හරි ලස්සණලූ
ඕ සිංඤොරීටා නෙවර් ෆො(ර්)ගෙට් යූ ....//

වෙල්යායකට ගියේ
සිරි නරඹන්ට ප්‍රියේ
බරවුණ රන්වන් කරලින්

කවුරු ද ප්‍රීතිවූයේ
රස කවි අසා තියේ
පිනවන සැමගේ දෙසවන්

අරලිය මාල නෙළා (මල් නෙළලා)
ගොතාපු මල් මාලා
ගෙල වට බඳ වට පළඳන්

සැන්දෑ කාලෙ බලා
මූදු වෙරළට වීලා
නටනවලු ලස්සණ ලඳුන්

ඒ රටේ තරුණියො හරි ලස්සණලූ
ඕ සිංඤොරීටා නෙවර් ෆො(ර්)ගෙට් යූ ....//

නීල ගංගා නදියේ
බැබළෙන සඳ එළියේ
ඔරු පැද පැද සිනාසෙමින්

මම දෙනෙතම ඇරියේ
ලක්ෂණ දර්ශනයේ
අලංකාරෙ ගන්නට උදුරන්

මලකට දෙවෙනි නැතී
ලස්සණ පෙනුම ඇතී
සුරංගනෝ පරදවන තරම්

නෙත් පිනවන්න සිතී
දුටු අය යළි බලතී
සුන්දර මැක්සිකෝ ලඳුන්

ඒ රටේ තරුණියො හරි ලස්සණලූ
ඕ සිංඤොරීටා නෙවර් ෆො(ර්)ගෙට් යූ ....//

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව - එම්.එස්. ප්‍රනාන්දු


පසු කලෙක කෙරුණු ගායනයක්

දෙවැනි ලෝකේ යුද්ධෙට
බැඳුනා හමුදාවට
මගෙ හිත එඩිතර හන්දා

පඩියක් දීලා මට
මැක්සිකෝවේ රටට
යන්නට නැවට පැටෙව්වා

විවාහයක් වෙන්නට
බරිවුණා තාමත් මට
මිතුරෙකු නැවේදි හමුවුණා

ඔහු නැවේ සේවකයා
මැක්සිකන් ජාතිකයා
මැක්සිකෝවෙ ලස්සණ කිවුවා

ඒ රටේ තරුණියො හරි ලස්සණලූ
ඕ සිංඤොරීටා නෙවර් ෆො(ර්)ගෙට් යූ ....//

වෙල්යායකට ගියේ
සිරි නරඹන්න ප්රියේ
බරවුණ රන්වන් කරලින්

කවුරුත් ප්රීතිවූයේ
ඇසෙනා රස කවියේ
පිනවන සැමගේ දෙසවන්

අරලිය මාල නෙළා (මල් නෙළලා)
ගොතාපු මල් මාලා
ගෙල වට බඳ වට පළඳන්

සැන්දෑ කාලෙ බලා
මූදු වෙරළට වීලා
නටනවාලු මැක්සිකෝ ලඳුන්

ඒ රටේ තරුණියො හරි ලස්සණලූ
ඕ සිංඤොරීටා නෙවර් ෆො(ර්)ගෙට් යූ ....//

නීල ගංගා නදියේ
බැබළෙන සඳ එළියේ
ඔරු පැද පැද සිනාසෙමින්

මම දෙනෙතම ඇරියේ
ලස්සණ දර්ශනයේ
අලංකාරෙ ගන්නට උදුරන්

මලකට දෙවෙනි නැතී
ලස්සණ පෙනුම ඇතී
සුරංගනෝ පරදවන තරම්

නෙත් පිනවන්න සිතී
දුටු අය යළි බලතී
සුන්දර මැක්සිකෝ ලඳුන්

ඒ රටේ තරුණියො හරි ලස්සණලූ
ඕ සිංඤොරීටා නෙවර් ෆො(ර්)ගෙට් යූ ....//

No comments: