Wednesday, February 27, 2019

ඉරයි හඳයි වැඳ

ඉරයි හඳයි වැඳ අවසර ඉල්ලා
මවයි පියයි වැඳ අවසර ඉල්ලා
උපන් ගමට වැඳ අවසර ඉල්ලා
එනදා නොවරදා කියන දා කවද දෝ
එනදා
නොවරදා
කියන දා
කවද දෝ

නැවුම් කළෙන් උදෙන් වතුර නාලා
කිතුල් රැහැන් කොණ්ඩෙ කඩා දාලා
සමන් මලක් නෙළන් රන්දවාලා
සිහින් සිනිඳු සළුවක් දවටාලා ...//
එනදා නොවරදා කියන දා කවද දෝ

ඉරයි හඳයි වැඳ අවසර ඉල්ලා
මවයි පියයි වැඳ අවසර ඉල්ලා
උපන් ගමට වැඳ අවසර ඉල්ලා
එනදා නොවරදා කියන දා කවද දෝ
එනදා
නොවරදා
කියන දා
කවද දෝ

පැල්පත තුළ මැණික් පහන වීලා
නංගිගෙ හොඳ නෑණන්ඩිය වීලා
අම්මගෙ සිත දිණු ලේලිය වීලා
ආල වඩන මගේ සොඳුර වීලා.....//
එනදා නොවරදා කියන දා කවද දෝ

ඉරයි හඳයි වැඳ අවසර ඉල්ලා
මවයි පියයි වැඳ අවසර ඉල්ලා
උපන් ගමට වැඳ අවසර ඉල්ලා
එනදා නොවරදා කියන දා කවද දෝ
එනදා
නොවරදා
කියන දා
කවද දෝ

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - එස්. ෂන්මුගම්
චිත්‍රය මොටාගෙදර වනිගරත්න ශිල්පියාගේය.

No comments: