Friday, March 15, 2019

අලුත ගෙනා මනමාලී


අලුත ගෙනා මනමාලී
හරි ලස්සණ හැඩ වැඩ ගම්බද කෙල්ලකි
අලුත ගෙනා මනමාලී

හරි ලස්සණ හැඩ වැඩ ගම්බද කෙල්ලකි
අලුත ගෙනා මනමාලී

නැන්දා මාමා ගොඩක් සතුටින් පිළිගත්තෙ දෙපැත්තෙම නෑ මිතුරන්
නැන්දා මාමා ගොඩක් සතුටින් පිළිගත්තෙ දෙපැත්තෙම නෑ මිතුරන්
ප්රිය සම්භාෂණෙන් පසු මංගල සබේදි පැවැත්වු කතාවලටත්
සවන් දුනි අලුත ගෙනා මනමාලී

හරි ලස්සණ හැඩ වැඩ ගම්බද කෙල්ලකි
අලුත ගෙනා මනමාලී ...//

පුංචි මාමා නැඟී සිටිමින් අවවාද රැසක් දුනි දේශනයෙන්
පුංචි මාමා නැඟී සිටිමින් අවවාද රැසක් දුනි දේශනයෙන්
දරු මල්ලො ගොඩක් ලැබේවා නව යුවළට කිවුවම කට කොණකින්
හිනාවුණි අලුත ගෙනා මනමාලී

හරි ලස්සණ හැඩ වැඩ ගම්බද කෙල්ලකි
අලුත ගෙනා මනමාලී ...//

නෑසියන් පිටවූ සැණෙකින්ම නැන්දම්මා ඇවිත් ඉඳගත්තේ ළඟින්
නෑසියන් පිටවූ සැණෙකින්ම නැන්දම්මා ඇවිත් ඉඳගත්තේ ළඟින්
දරුමල්ලො දෙකක් හොඳටෝම අපට ඇති නේද දුවේ කියමින්
වැළඳගති අලුත ගෙනා මනමාලී

හරි ලස්සණ හැඩ වැඩ ගම්බද කෙල්ලකි
අලුත ගෙනා මනමාලී ...//

ගායනය - ආචාර්ය රෝහණ බැද්දගේ සහ නීලා වික්‍රමසිංහ
පද හා තනුව - ආචාර්ය රෝහණ බැද්දගේ

No comments: