Friday, March 15, 2019

නඟේ නුඹට දැන ගන්නයි කියන්නේ

නඟේ නුඹට දැන ගන්නයි කියන්නේ
ගම්මානෙට හොරු එනවා බොලන්නේ

ආල වඩන සුරංගනා කතා කියන්නේ
මාල වළලු පළඳන්නයි මාන බලන්නේ
බාල බොළඳ සිත රවටා ගන්න සොඳුරු ගම්මානේ
ඔය බොරු චාටු දුටු මතින් නුඔ රැවටෙන්න එපා නඟේ

අඹ රඹුටන් මොර මාදන් වෙරළු ජම්බු ජමනාරන් //
නුඹ වටකර අතු බරවී ගම හැඩ වෙන්නා
එහෙව් නඟේ නුඹ මොකටද එතෙර එදේසෙන් එන එන
අරුමෝසම් පොදි බැඳගන්නේ
පොකුරු පොකුරු රස පලතුරු ඇත නිරතුරු ඇතිවන තුරු
ගමට නුහුරු
ඔය බොරු චාටු දුටු මතින් නුඔ රැවටෙන්න එපා නඟේ

ආල වඩන සුරංගනා කතා කියන්නේ
මාල වළලු පළඳන්නයි මාන බලන්නේ
බාල බොළඳ හිත රවටා ගන්න සොඳුරු ගම්මානේ
ඔය බොරු චාටු දුටු මතින් නුඔ රැවටෙන්න එපා නඟේ

ඉද්ද සමන් අරලිය මල් වැටට උඩින් කුඹුරෙ ගොයම් //
නුඹ වටකර කිරට නැමී ගම හැඩ වෙන්නා
එහෙව් නඟේ නුඹ මොකටද එතෙර එදේසෙන් එන එන
අරුමෝසම් පොදි බැඳගන්නේ
අපට මිතුරු ලෙස විසකුරු නෙක උවදුරු ඇති නිරතුරු
ගමට නුහුරු
ඔය බොරු චාටු දුටු මතින් නුඔ රැවටෙන්න එපා නඟේ

ආල වඩන සුරංගනා කතා කියන්නේ
මාල වළලු පළඳන්නයි මාන බලන්නේ
බාල බොළඳ හිත රවටා ගන්න සොඳුරු ගම්මානේ
ඔය බොරු චාටු දුටු මතින් නුඔ රැවටෙන්න එපා නඟේ

ගායනය - ආචාර්ය රෝහණ බැද්දගේ සහ පිරිස
පද හා තනුව - ආචාර්ය රෝහණ බැද්දගේ

No comments: