Friday, March 1, 2019

සිදාදියේ ඉඳල

සිදාදියේ ඉඳල තමයි ආවෙ නඟෝ මං
මහවැලියෙ රැකියාවට ආවෙ නඟෝ මං
ඔය ලස්සණ සිනාවටයි ආසා නඟෝ මං
කසාදයක් එහෙම බැඳලා නෑනෙ නඟෝ මං

ගෙදර උයන ඇඹුලක් කන්න
හිතක් පහළවෙලා මම ඉන්න
එහෙම උදව්වක් කරගන්න
ලඳක් නැහැනෙ මට අත දෙන්න //

සිදාදියේ ඉඳල තමයි ආවෙ නඟෝ මං
මහවැලියෙ රැකියාවට ආවෙ නඟෝ මං
ඔය ලස්සණ සිනාවටයි ආසා නඟෝ මං
කසාදයක් එහෙම බැඳලා නෑනෙ නඟෝ මං

හඳපානේ ඔරු පද්දන්න
ඕළු මලෙන් ගෙල සරසන්න
පාළුව තනිකම නැති වෙන්න
ලඳක් නැහැනෙ මට අත දෙන්න //

සිදාදියේ ඉඳල තමයි ආවෙ නඟෝ මං
මහවැලියෙ රැකියාවට ආවෙ නඟෝ මං
ඔය ලස්සණ සිනාවටයි ආසා නඟෝ මං
කසාදයක් එහෙම බැඳලා නෑනෙ නඟෝ මං

අසෝක උයනෙදි හමුවෙන්න
කැමතිද අග රැජණිය වෙන්න
සාලිය වගෙ බොරැ නොකරන්න
ලඳක් නැහැනෙ මට අත දෙන්න //

සිදාදියේ ඉඳල තමයි ආවෙ නඟෝ මං
මහවැලියෙ රැකියාවට ආවෙ නඟෝ මං
ඔය ලස්සණ සිනාවටයි ආසා නඟෝ මං
කසාදයක් එහෙම බැඳලා නෑනෙ නඟෝ මං
කසාදයක් එහෙම බැඳලා නෑනෙ නඟෝ මං
කසාදයක් එහෙම බැඳලා නෑනෙ නඟෝ මං
කසාදයක් එහෙම බැඳලා නෑනෙ නඟෝ මං

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව - එම්.එස්. ප්‍රනාන්දු

No comments: