අද වාගෙම හමුවිය යුතු වේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ ....//
කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත
එය මා හද රැඳි ආදරයයි
මගෙ ජීවිතයම නෞකාවක් නම්
එය ඔබ පැද යන සාගරයයි
හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමුවිය යුතු වේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ
අද සුපිපෙන මල හෙට නොපිපේවී
ලෝකය දිවයයි වෙනස් වෙලා
එලෙස වෙනස් වන ලොවෙහි අළුත් වන
ආදරයම මම හිදිමි බලා
හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමුවිය යුතු වේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ
ගායනය - ප්‍රියා සූරියසේන
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ප්‍රියා සූරියසේන
No comments:
Post a Comment