Thursday, March 14, 2019

ඉස්කෝලේ ගිය කාලෙ


අණ්ඩ දැමූ කලිසම් කොටේ ඇඳ
බොත්තම් වෙනුවට කටු ගහලා
සෝද සෝදා ඇන්ද කමිසේ
හිනැහේ උරහිස්සෙන් ඉරිලා
අවුරුදු ගානක් අතින් අතට ගිය
පාඩම් පොතේ පිට කොළ ඉරිලා
ඇට්ටරකම් කළෙ නැති බැරි කමටයි
අත් ඇරියෙත් නෑ බෑ කියලා
වෙනත් කාලයක් නැත මනරම්
ඉස්කෝලේ ගිය කාලෙ තරම්

කන්ද මැදින් ඉස්කෝලෙට ආ ගිය
ගුරු පාරේ සෙල්ලම් කරලා
රණ්ඩු දබර කර අත පය කැඩුණත්
වෙන්වී ගියෙත් නෑ තරහ වෙලා
කළ කළ වරදට මට දඬුවම් කළ
යහ මඟ පෙන්වා මා මිනිසෙකු කළ
ගුරු දෙවියනි ඔබ මතු බුදු වේවා

අණ්ඩ දැමූ කලිසම් කොටේ ඇඳ
බොත්තම් වෙනුවට කටු ගහලා
සෝද සෝදා ඇන්ද කමිසේ
හිනැහේ උරහිස්සෙන් ඉරිලා
අවුරුදු ගානක් අතින් අතට ගිය
පාඩම් පොතේ පිට කොළ ඉරිලා
ඇට්ටරකම් කළෙ නැති බැරි කමටයි
අත් ඇරියෙත් නෑ බෑ කියලා
වෙනත් කාලයක් නැත මනරම්
ඉස්කෝලේ ගිය කාලෙ තරම්

කවදා හෝ මිනිහෙක් වෙන්නට නම්
ඉගෙන ගනින් උඹ දුක් විඳලා
කී හැටි කිසි දින අමතක නොකළෙමි
පින් දෙමි අද ඔබ සිහි කරලා
ලෝකය සුන්දර නවාතැනක් සේ
උඩු යටිකුරු කොට මට තේරුම් කළ
ගුරු දෙවියනි ඔබ මතු බුදු වේවා

අණ්ඩ දැමූ කලිසම් කොටේ ඇඳ
බොත්තම් වෙනුවට කටු ගහලා
සෝද සෝදා ඇන්ද කමිසේ
හිනැහේ උරහිස්සෙන් ඉරිලා
අවුරුදු ගානක් අතින් අතට ගිය
පාඩම් පොතේ පිට කොළ ඉරිලා
ඇට්ටරකම් කළෙ නැති බැරි කමටයි
අත් ඇරියෙත් නෑ බෑ කියලා
වෙනත් කාලයක් නැත මනරම්
ඉස්කෝලේ ගිය කාලෙ තරම්

වෙනත් කාලයක් නැත මනරම්
ඉස්කෝලේ ගිය කාලෙ තරම්

ගායනය - ආචාර්ය රෝහණ බැද්දගේ
පද හා තනුව - ආචාර්ය රෝහණ බැද්දගේ

No comments: