Friday, March 15, 2019

නැන්දා මාමා දෙන්නා


නැන්දා මාමා දෙන්නා

නැන්දා මාමා දෙන්නා
එක බහක් නොදී ළතවෙන්නා දෙන්නා දෙපැත්තේ
දවසින් දවස ගෙවෙන්නා
කරකාර බැඳන් යන්න ඉඩක් නෑ
දූගෙ කැමැත්තේ

කරට බඳින රන් මිණි මුතු මාලා
කනට ඔබින රන් තෝඩු දමාලා
අතට ගිගිරි රන් වළලු දමාලා
ඇඟව ඔසරි සුදු සේල දමාලා

ලස්සණ සිහින මැවෙන්නේ
දවසින් දවස ගෙවෙන්නේ
මැණිකේ කඳුළු සලන්නේ
බොලේ ඉතින් මොකද කොරන්නේ

නැන්දා මාමා දෙන්නා

නැන්දා මාමා දෙන්නා
එක බහක් නොදී ළතවෙන්නා දෙන්නා දෙපැත්තේ
දවසින් දවස ගෙවෙන්නා
කරකාර බැඳන් යන්න ඉඩක් නෑ
දූගෙ කැමැත්තේ

බන්දා සිත දෙගුරුන් පද වන්දා
අන්දා පට පිළි බරණ පළන්දා
බන්දා තොරන් සැරසිලි මන නන්දා
කැන්දන් යන්නේ කවද ද මන්දා

ලස්සණ සිහින මැවෙන්නේ
දවසින් දවස ගෙවෙන්නේ
මැණිකේ කඳුළු සලන්නේ
බොලේ ඉතින් මොකද කොරන්නේ

නැන්දා මාමා දෙන්නා

නැන්දා මාමා දෙන්නා
එක බහක් නොදී ළතවෙන්නා දෙන්නා දෙපැත්තේ
දවසින් දවස ගෙවෙන්නා
කරකාර බැඳන් යන්න ඉඩක් නෑ
දූගෙ කැමැත්තේ

කරකාර බැඳන් යන්න ඉඩක් නෑ
දූගෙ කැමැත්තේ

ගායනය - ආචාර්ය රෝහණ බැද්දගේ 
පද හා තනුව - ආචාර්ය රෝහණ බැද්දගේ

No comments: