බිංදු ඉහෙන පින්නේ අරුණු උදේ
මන්ද ඔතැන කවුදෝ රහස් කතාවේ
මන්ද ඔතැන කවුදෝ රහස් කතා
බිංදු ඉහෙන පින්නේ අරුණු උදාවේ
සපුමල් කුමරු වගේ
අවුරුදු කුමරි වගේ
සපුමල් කුමරු වගේ
අවුරුදු කුමරි වගේ
ඇයි මුවාවෙලා
කෙකටිය සිනාසලා
ඇයි මුවාවෙලා
කෙකටිය සිනාසලා
ඔය ආලවන්ත වූ අය නේදෝ
බිංදු ඉහෙන පින්නේ අරුණු උදේ
මන්ද ඔතැන කවුදෝ රහස් කතාවේ
මන්ද ඔතැන කවුදෝ රහස් කතා
බිංදු ඉහෙන පින්නේ අරුණු උදාවේ
පූරුවෙ පින පලදෙයි
ඉන්නට හිත බහදෙයි
පූරුවෙ පින පලදෙයි
ඉන්නට හිත බහදෙයි
නුඹට මට වගේ
නැතුවත් වරම් නගේ
නුඹට මට වගේ
නැතුවත් වරම් නගේ
නැහැ නෝක්කාඩු මේ හිත මාගේ
බිංදු ඉහෙන පින්නේ අරුණු උදේ
මන්ද ඔතැන කවුදෝ රහස් කතාවේ
මන්ද ඔතැන කවුදෝ රහස් කතා
බිංදු ඉහෙන පින්නේ අරුණු උදාවේ..
ගායනය - මාලිනී බුලත්සිංහල
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
No comments:
Post a Comment