Friday, March 22, 2019

තව දිනක් ගෙවුණා

තව දිනක් ගෙවුණා
පෑළ දිග අහසේ
හුදකලාවේ ඔහේ පාවෙන වලාවක් බඳු ජීවිතේ
තව දිනක් ගෙවුණා

ඔබෙන් තොර
අයාලේ යන ජීවිතේ
තව දිනක් ගෙවුණා

පෙරත් ජාතීහී පතාගෙන ආ හැටිද අපි දෙන්නා
දෙෙවයෝගය මේ නම්

යළිත් හමුවන වරම් අහිමිව
හිතේ කෙඳිරිලි ලොවට සඟවා
තවත් දවසක්
කල්ප කාලය ගෙවමු තනි තනියෙන් තනිවම

සරත් සමයේදී වැටී කොළ සුළං වැද පාවෙන්නා
සොබාදහමත් ඒ නම්

වසන්තය යළි ඒ ද නේවි ද
සානුකම්පා මන්ද මාරුත
හිතේ ගින්දර නිවා සනහා
අප දිහා හෙට හෝ බලාවිද

තව දිනක් ගෙවුණා
පෑළ දිග අහසේ
හුදකලාවේ ඔහේ පාවෙන වලාවක් බඳු ජීවිතේ
තව දිනක් ගෙවුණා

ඔබෙන් තොර
අයාලේ යන ජීවිතේ
තව දිනක් ගෙවුණා

ගායනය - මාලිනී බුලත්සිංහල සහ ජානක වික්‍රමසිංහ
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - එච්.එම්. ජයවර්ධන

No comments: