Wednesday, March 13, 2019

පෝයදා රැයේ

පෝයදා රැයේ දවසක විහාරයේ
ආදරේ නමින්
දැල්වු ඒ පහන්
දැන් නිවී ගිහින්
පුර පෝයදා රැයේ

මේ භවේදි දෙන්නා වෙන් නොවේ කියා
ප්රාර්ථනා සිතින්
දැල්වු රන් පහන් ...//
ඈ අතින් නිවී

පුර පෝයදා රැයේ දවසක විහාරයේ
ආදරේ නමින්
දැල්වු ඒ පහන්
දැන් නිවී ගිහින්
පුර පෝයදා රැයේ

කාලයා ගෙවීලා ඒ විහාරයේ
පෝය දා මෙදා
ඈ ඇවිත් ඉඳී ....//
පෙම් පහන් නිවා

පුර පෝයදා රැයේ දවසක විහාරයේ
ආදරේ නමින්
දැල්වු ඒ පහන්
දැන් නිවී ගිහින්
පුර පෝයදා රැයේ

ගායනය - ප්‍රියා සූරියසේන
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ප්‍රියා සූරියසේන

No comments: