Monday, March 11, 2019

මේ අත්භවේ පුරා

මේ අත්භවේ පුරා
ජීවත්වෙනා තුරා
කිසිදාක හමුවෙන්න බැරිවේ
මේ අත්භවේ පුරා
ජීවත්වෙනා තුරා

රහසින් කියන්නත් බෑ ළඳේ
දෑසින් කියන්නත් බෑ ළඳේ
ඉඟියෙන් කියන්නත් බෑ ළඳේ
ලොව මිනිසුන් බලා හිඳී //
ඒ නිසා


මේ අත්භවේ පුරා
ජීවත්වෙනා තුරා
කිසිදාක හමුවෙන්න බැරිවේ
මේ අත්භවේ පුරා
ජීවත්වෙනා තුරා

අහසෙහි අඳින්නත් බෑ ළඳේ
පොළවෙහි ලියන්නත් බෑ ළඳේ
හඬගා කියන්නත් බෑ ළඳේ
අසරණ වී ඔහේ ඉමු //
ඒ නිසා

මේ අත්භවේ පුරා
ජීවත්වෙනා තුරා
කිසිදාක හමුවෙන්න බැරිවේ
මේ අත්භවේ පුරා
ජීවත්වෙනා තුරා

ගායනය - ප්‍රියා සූරියසේන
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ප්‍රියා සූරියසේන

No comments: