සිතක් කෙලෙසද මේ තරම් වේදනාවන් විදින්නේ
නෙතක් කෙලෙසද මේ තරම් දුකට කදුළැලි සලන්නේ...//
ඔබෙන් වෙන්වී ගෙවෙන මොහොතද කල්පයක් වී දැනේ නම් //
ඔබෙන් තොර හෙට දිනක් ගැන මා සිතා ගන්නේ කෙලෙසදෝ
සිතක් කෙලෙසද මේ තරම් වේදනාවන් විදින්නේ
නෙතක් කෙලෙසද මේ තරම් දුකට කදුළැලි සලන්නේ
සුසුම් කඳුළැල් සිහින පමණක් උරුමයන් වී සදා කල් ...//
සතුට මොහොතක මිරිඟුවක් වී බිඳී යන්නේ ඇයි මෙසේ
සිතක් කෙලෙසද මේ තරම් වේදනාවන් විදින්නේ
නෙතක් කෙලෙසද මේ තරම් දුකට කදුළැලි සලන්නේ ....//
ගායනය - මාලිනී බුලත්සිංහල
පද - කුලරත්න ආරියවංශ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
No comments:
Post a Comment