Saturday, March 2, 2019

ජීවන ඇතිරිල්ලේ

ජීවන ඇතිරිල්ලේ හැඟුම් තුරුල්ලේ
ලස්සණ දේදුනු පායන්නේ
රෝස මලක් පිපෙන්නෙ බඹරුන් වටලන්නේ
ආදරයයි ලොව සනසන්නේ

ජීවන ඇතිරිල්ලේ හැඟුම් තුරුල්ලේ
ලස්සණ දේදුනු පායන්නේ
රෝස මලක් පිපෙන්නෙ බඹරුන් වටලන්නේ
ආදරයයි ලොව සනසන්නේ

චමත්කාර මොහොතක් ඇත අපේ ජීවිතේ
චිරාත් කාලයක් පවතියි එය අනාගතේ

චමත්කාර මොහොතක් ඇත අපේ ජීවිතේ
චිරාත් කාලයක් පවතියි එය අනාගතේ

මතු කාලෙක මුතු ඇටයකි මතක සාගරේ
කුසලානේ සොඳුරු ආදරේ

මතු කාලෙක මුතු ඇටයකි මතක සාගරේ
කුසලානේ සොඳුරු ආදරේ

දෙනෝ දහක් හමුවෙනවා ජීවිත කාලේ
ඒ අතරින් එක් අයකුට වැඩියෙන් ආලේ

දෙනෝ දහක් හමුවෙනවා ජීවිත කාලේ
මේ අතරින් එක් අයකුට වැඩියෙන් ආලේ

ලක්ෂ ගණන් වස්තු ඇතත් නෑ හිත යන්නේ
හිත ගියොතින් පාය දැනෙන්නේ

ලක්ෂ ගණන් වස්තු ඇතත් නෑ හිත යන්නේ
හිත ගියොතින් පාය දැනෙන්නේ

ජීවන ඇතිරිල්ලේ හැඟුම් තුරුල්ලේ
ලස්සණ දේදුනු පායන්නේ
රෝස මලක් පිපෙන්නෙ බඹරුන් වටලන්නේ
ආදරයයි ලොව සනසන්නේ

ජීවන ඇතිරිල්ලේ හැඟුම් තුරුල්ලේ
ලස්සණ දේදුනු පායන්නේ
රෝස මලක් පිපෙන්නෙ බඹරුන් වටලන්නේ
ආදරයයි ලොව සනසන්නේ ////.

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු සහ පිරිස
පද - ඔගස්ටස් විනයාගරත්නම්
ගී තනුව හා සංගීත අධ්‍යක්ෂණය - එම්.කේ. රොක්සාමි
1975 දී තිරගත වූ "කොහොම කියන්නද" චිත්‍රපටියට ගැයුණු ගීයකි.

No comments: