Saturday, March 30, 2019

මැණිකේ සුදු මැණිකේ


මැණිකේ සුදු මැණිකේ
මැණිකේ පැතුම් මගේ

හදවතේ සුසුම් නිමවුණා මගේ
සිහින ලොව පිබිදුණා මගේ ...//

කුඔුරේ පහළ කුඹුරේ
කුඹුරේ කරල් පැසේ

මද සුළං හමා නැළවුණා වගේ
කොමල පා යුග නඟනු පෙනේ ...//

හාආ අඅ ආආ .......
හාආ අඅ ආආ .......
හාආ අඅ ආආ .......

සඳෙහී සුපුන් සඳෙහී
සඳෙහී කැළුම් වගේ

හද මගේ සදා ඔබ වෙතේ පුදා
සිතට නව රස පිරීතිරේ .....//

මැණිකේ සුදු මැණිකේ
මැණිකේ පැතුම් මගේ

හදවතේ සුසුම් නිමවුණා මගේ
සිහින ලොව පිබිදුණා මගේ ...//

හාආ අඅ ආආ .......
හාආ අඅ ආආ .......
හාආ අඅ ආආ .......

ගායනය - මූන්ස්ටෝන්ස්
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
"මූන්ස්ටෝන්ස්" කණ්ඩායමේ ප්‍රථම EP තැටිය වූ "Musical Gems of Ceylon" (EP Philips / JVPC 1007) හී ගීයකි. 
මෙහි පද මුල් ගීය අනුවයි.

මුල් ගීය


පසු කලෙක ඇනස්ලි කළ ගායනයක්

No comments: