Tuesday, April 9, 2019

යුගයෙන් යුගයේ ඔබ දුටුවා

යුගයෙන් යුගයේ ඔබ දුටුවා
සසරේ තීර්ථ යාත්‍රාවේ
වෙරලින් වෙරලේ ඔබ දුටුවා
සසරේ තීර්ථ යාත්‍රාවේ

සීතල කඩු තුඩු ඇනෙන රැයේ
උණුසුම සලසන ග්‍රීෂ්මයක් විය
පවසින් වැලපෙත කදියරේ
පිපුරුණු දෙතොලට වර්ෂාවක් විය

යුගයෙන් යුගයේ ඔබ දුටුවා
සසරේ තීර්ථ යාත්‍රාවේ
වෙරලින් වෙරලේ ඔබ දුටුවා
සසරේ තීර්ථ යාත්‍රාවේ

සුන්බුන් වූ විට සැඩ සුළඟේ
දිය පිට ඉන්නට දැව යහනක් විය
වල්මත්වූ විට දිවි දියඹේ
ගොඩබිම පෙන්වන තරු ලකුණක් විය

යුගයෙන් යුගයේ ඔබ දුටුවා
සසරේ තීර්ථ යාත්‍රාවේ
වෙරලින් වෙරලේ ඔබ දුටුවා
සසරේ තීර්ථ යාත්‍රාවේ

ගායනය - විශාරද නන්දා මාලිනී
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - එච්.එම්. ජයවර්ධන

No comments: