Friday, April 12, 2019

අපි වෙනම හඬමු

අපි වෙනම හඬමු දෙතැනකට වෙලා
නෙතු පිරී
දුක ලිහී
සිත නිවී යන තුරා
අපි වෙනම හඬමු දෙතැනකට වෙලා

නුඹ හෙළන කඳුළු මුතු කැට අහුලා
එක පොටකට අමුණා
නුඹෙ දෙගුරුන් කර ලා
සතුටු වෙනු බලා
අපි එකට හිනාවෙමු දුක සඟවා
ඇතිවෙන තුරා

මා තනිව හෙළන සුසුමක් අතුරා
සුව යහනක් සදලා
අප දෙගුරුන් සතපා
ඉසිඹුලනු බලා
අපි එකට හිනාවෙමු දුක සඟවා
ඇතිවෙන තුරා

අපි වෙනම හඬමු දෙතැනකට වෙලා
නෙතු පිරී
දුක ලිහී
සිත නිවී යන තුරා
අපි වෙනම හඬමු දෙතැනකට වෙලා ///.

ගායනය - ක්‍රිශාන්ත එරන්දක
පද - ආනන්ද හේවාරංහිඳගේ
තනුව - එච්.එම්. ජයවර්ධන

No comments: