Tuesday, April 9, 2019

විලක් වුණත් නිල් දිය පිරි

විලක් වුණත් නිල් දිය පිරි විලක් නොවේ
මලක් වුණත් සුවඳක් ඇති මලක් නොවේ
සඳක් වුණත් පසළොස්වක සඳක් නොවේ
රටක් වුණත් මගෙ රට වැනි රටක් නොවේ

නෑවත් වතුරමල යට ඉඳ නල වතුර
තාමත් සිතින් කිමිදෙමි ගඟ දිය අතර
කීවත් ගීත මැද පෙරදිග මරු කතර
කාටත් හොරෙන් කියවෙයි පැල් කවි නිතර

සායෙන් හඬන දූ දරුවන් උදෙසාම
ආයෙම් මෙහෙවරට නොරටුන් ළඟ මෙහෙම
බානෙන් බැඳී සිටියත් යදියන් සේම
හීනෙන් මගෙ රටෙයි නිදියන හැම රෑම

හීනෙන් මගෙ රටෙයි නිදියන හැම රෑම ///

ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - එච්.එම්. ජයවර්ධන

No comments: