නිරතුරු මම ඔබ ගැන ම සිතන්නෙමි
එනමුදු එය වරදක් බව දන්නෙමි
පෙම් නොකරන්නට හිතුවද ඔබ වෙත
සෙනෙහස ලියලයි නොදැනිම හද මැද
මදහස දුන්නද දකින වෙලේ
ඔබ මෙහි එන බව සිතිය නොහේ
කළ යුතු කිසිවක් සිතට නොඒ
මගෙ සිතිවිලි එක තැනක නොවේ
නිරතුරු මම ඔබ ගැන ම සිතන්නෙමි
එනමුදු එය වරදක් බව දන්නෙමි
පෙම් නොකරන්නට හිතුවද ඔබ වෙත
සෙනෙහස ලියලයි නොදැනිම හද මැද
දෙදෙනා සැනසුම ලැබිය යුතුයි
දිවි ඇති තුරු ළඟ සිටිය යුතුයි
අප එක සෙවණක විසිය යුතුයි
නැත නැත අප එක්නොවිය යුතුයි
නිරතුරු මම ඔබ ගැන ම සිතන්නෙමි
එනමුදු එය වරදක් බව දන්නෙමි
පෙම් නොකරන්නට හිතුවද ඔබ වෙත
සෙනෙහස ලියලයි නොදැනිම හද මැද
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
1974 දී "ජෙම්ටෝන්" ලේබලයෙන් නිකුත්වූ "කෙසේ කියන්නද" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.
(තැටි අංකය Gemtone / OME 62)
No comments:
Post a Comment