සයුරෙහි පාවී වෙන්වී ගියේ
ඔබ ළඟ රන්දා මගේ ආදරේ ...//
දිනකර දවාලයි දවස පුරා මා
හිමකර නැගේ මුදු සිසිල සලා
දවස පුරා හෝ
මුළු රැය පුරා හෝ
ඔබ මා හදේ යාවේ සුසුම් ලෙසේ
සයුරෙහි පාවී වෙන්වී ගියේ
ඔබ ළඟ රන්දා මගේ ආදරේ
දවස ගෙවී යයි දියඹ සරා මා
ඈත ඇදේ යළි දියත පුරා
දුරු රටකදී හෝ
ළඟපාත දී හෝ
ඔබ මා හදේ යාවේ සුසුම් ලෙසේ
සයුරෙහි පාවී වෙන්වී ගියේ
ඔබ ළඟ රන්දා මගේ ආදරේ ...//
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ස්ටැන්ලි පීරිස්
1974 දී "ජෙම්ටෝන්" ලේබලයෙන් නිකුත්වූ "මා සොයා" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.
(තැටි අංකය Gemtone / OME 78)
මුල් ගීය
පසු කලෙක කළ ගායනයක්
No comments:
Post a Comment