Saturday, April 6, 2019

ඈ එදා මෙන්

ඈ එදා මෙන් ආදරේ නැතේ
මා එදා මෙන් ආදරේ
මා පැතූ ඒ ආදරේ ඇගේ
මා දැවුවා සේ හැඟේ

එදා රැඟුම්හලේ මගේ ළඟින් සිටී
ළඳක් නිසා ඇගේ හැඟුම් කිපී

ඈ එදා මෙන් ආදරේ නැතේ
මා එදා මෙන් ආදරේ
මා පැතූ ඒ ආදරේ ඇගේ
මා දැවුවා සේ හැඟේ

මගේ හිතේ වෙනින් ළඳුන් නැතේ ඇඳී
හදේ නැතේ වෙනින් ළඳුන් බැඳී

ඈ එදා මෙන් ආදරේ නැතේ
මා එදා මෙන් ආදරේ
මා පැතූ ඒ ආදරේ ඇගේ
මා දැවුවා සේ හැඟේ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ස්ටැන්ලි පීරිස්

1974 දී "ජෙම්ටෝන්" ලේබලයෙන් නිකුත්වූ "මා සොයා" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.
(තැටි අංකය Gemtone / OME 78)

No comments: