Saturday, April 6, 2019

දෑසින් කියූ ඒ හැඟුම්

දෑසින් කියූ ඒ හැඟුම්
ආදරේ හැඟුම්
රැඳීලා බැඳීලා මා හදවතේ
දෑසින් කියූ ඒ හැඟුම්
ආදරේ හැඟුම්

වන මල් පිපී
බිඟු වැල් වෙලී
රස කල්පනා යා කළා
අද මෙන් හෙටත් ඈ හමුවූවොතින් නම්
තෙපලන්න ඕනේ හෙමින්

දෑසින් කියූ ඒ හැඟුම්
ආදරේ හැඟුම්

දෙකොපුල් සලා
පෑ මල් සිනා
රස කල්පනා යා කළා
අද මෙන් හෙටත් ඈ හමුවූවොතින් නම්
තෙපලන්න ඕනේ හෙමින්

දෑසින් කියූ ඒ හැඟුම්
ආදරේ හැඟුම්
රැඳීලා බැඳීලා මා හදවතේ
දෑසින් කියූ ඒ හැඟුම්
ආදරේ හැඟුම්

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ස්ටැන්ලි පීරිස්

1974 දී "ජෙම්ටෝන්" ලේබලයෙන් නිකුත්වූ "මා සොයා" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.
(තැටි අංකය Gemtone / OME 78)

No comments: