Saturday, April 6, 2019

ඈ නොවේ මා සොයා

ඈ නොවේ මා සොයා
පැමිණියේ කිසි දිනේ
ඈ මුලාවේ හෙලා
මා නැතේ වෙන්වුණේ
ඈ නොවේ මා සොයා

ඇය මා කෙරෙන් මිදීලා
ගතවූ දෙතුන් දොහේ මේ
සිහිවී අපේ අතීතේ
හැඬුවා හැඟුම් හදේ
කඳුළෙන් නුවන් තෙමා

ඇයගේ තෙපුල් අහන්නයි
යළි ඒ සිනා දකින්නයි
සෙවණැල්ල මෙන් රැඳෙන්නයි
පෙර සේ සොයා යමී
යළි ඈ ළඟින් ඉමී

ඈ නොවේ මා සොයා
පැමිණියේ කිසි දිනේ
ඈ මුලාවේ හෙලා
මා නැතේ වෙන්වුණේ
ඈ නොවේ මා සොයා

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ස්ටැන්ලි පීරිස්

1974 දී "ජෙම්ටෝන්" ලේබලයෙන් නිකුත්වූ "මා සොයා" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.
(තැටි අංකය Gemtone / OME 78)
(ගීයේ ශ්‍රවන තත්වය දුර්වලය. හොඳ තත්වයේ ගීයක් සොයා ගන්නා තුරු මෙය ශ්‍රවනය කරන්න)

No comments: