Wednesday, April 10, 2019

ලෝකයේ රුදු නෙත් වසා

ලෝකයේ රුදු නෙත් වසා
ස්නේහයේ හසරැල් සලා
මා සොයා පැමිණෙන්න සොඳුරිය
රෑ සඳේ කඳුළක් වෙලා ....//

මා දෑස අවුරා ඔබ දෑස සඟවා
සහසක් නුවන් දැල්විලා ....//
මේ කුරිරු ලෝකෙන් පාවී හමා රෑ
යාවෙන්න පවනක් වෙලා

ලෝකයේ රුදු නෙත් වසා
ස්නේහයේ හසරැල් සලා
මා සොයා පැමිණෙන්න සොඳුරිය
රෑ සඳේ කඳුළක් වෙලා

රෑ සීත අඳුරේ මේ සොඳුරු යාමේ
පාළුව දැනී තනිවෙලා ...//

මා තැවෙන යාමේ
මේ පාළු කිටියේ
දැවටෙන්න සුවඳක් වෙලා

ලෝකයේ රුදු නෙත් වසා
ස්නේහයේ හසරැල් සලා
මා සොයා පැමිණෙන්න සොඳුරිය
රෑ සඳේ කඳුළක් වෙලා ....//

ගායනය - ටී.එම්. ජයරත්න
පද - කුලරත්න ආරියවංශ
තනුව - එච්.එම්. ජයවර්ධන

No comments: