Saturday, April 13, 2019

සිංහල අවුරුද්දේ මංගල ගී සද්දේ

සිංහල අවුරුද්දේ
මංගල ගී සද්දේ
සිංහල අවුරුද්දේ
ඔන්චිලි හැම පැද්දේ

පන්දු කෙළින්නෝ කල්ලි ගහන්නෝ
තට්ටු පනින්නෝ වලකජු ලන්නෝ
රබන් ගහන්නෝ එළුවන් ගන්නෝ

ඇතැම්මු ඔන්චිලි පැද පැද වාරම් කියතෙයි
ඇතැම්මු පැරදුණු උන්හට ජල්ලි ද දමතෙයි
ඇතැම්මු කෙළි කියුම් බලා සතුටින් සිටිතෙයි
ඇතැම්මු කා බී සැතපී විඩා සිඳුවතෙයි

මා පිය දූ දරු නෑ මිතුරන්
එක්වී පෑහී ලෙස රස රන් ..//
සමගි බලේ ඇති අගය අරන්
පෙන්වනවා අපහට ද තොරන්

සිංහල අවුරුද්දේ
මංගල ගී සද්දේ
සිංහල අවුරුද්දේ
ඔන්චිලි හැම පැද්දේ

ගායනය - සුනිල් සාන්ත
පද - සේන ජයන්ත වීරසේකර
තනුව - සුනිල් සාන්ත

No comments: