Saturday, April 6, 2019

තරහා වනු එපා

තරහා වනු එපා
අයදිම් මා කමා
ඔබ හා මා කළේ කතා
මගෙ යෙහෙළික යැයි සිතා
ඔබ ඈ වාගෙමයි ...//

පෙනුමෙන් ගමනෙන් ඔබ නම් ඈ සමයි
ඇඳුමෙන් බැල්මෙන් ඔබ නම් ඈ සමයි
හසරැල් පවා ඇයගේ වාගෙමයි

තරහා වනු එපා
අයදිම් මා කමා
ඔබ හා මා කළේ කතා
මගෙ යෙහෙළික යැයි සිතා
ඔබ ඈ වාගෙමයි

පාසැල් සමයේ සිට ඈ හඳුනමී
කලකින් ඈ මා හමුවී නෑ යළී
එනිසයි මෙසේ මතකේ පැටලුණේ

තරහා වනු එපා
අයදිම් මා කමා
ඔබ හා මා කළේ කතා
මගෙ යෙහෙළික යැයි සිතා
ඔබ ඈ වාගෙමයි ...//

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - පැට්‍රික් දෙණිපිටිය

1975 දී "ශාන්ස්" ලේබලයෙන් නිකුත්වූ "මා නිසා ඔබ" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.
(තැටි අංකය Shans - 1007)

මුල් ගීය

පසු කලෙක කළ ගායනයක්

No comments: