පෙම් මාලා ගොතා ගෙලේ පළඳන්නෙම් ප්‍රේමේ
මා ප්‍රේම සුදෝ ඕ.....
මා ප්‍රේම සුදෝ
පෙම් පූජාසනේ සදා පුදනෙම් මා ප්‍රේමේ
මා ප්‍රේම සුදෝ ඕ.....
මා ප්‍රේම සුදෝ
කිරි සයුරේ පෑවූ පුන් චන්ද්‍රා ඕ......
කිරි සයුරේ පෑවූ පුන් චන්ද්‍රා
ඕ.....
හද කමලේ පුබුදූ කළෙ සූර්යා හෝ....
හද කමලේ පුබුදූ කළෙ සූර්යා
මා ප්‍රේම සුදෝ ඕ.....
මා ප්‍රේම සුදෝ
පෙම් මාලා ගොතා ගෙලේ පළඳන්නෙම් ප්‍රේමේ
මා ප්‍රේම සුදෝ ඕ.....
මා ප්‍රේම සුදෝ
සුමධුර ගීතා
ගයනෙමු එක්වෙලා
අම ප්‍රේම රස දහරේ නාලා ....//
සැම දින ප්‍රේමයේ
සැප සෑදේ ප්‍රියේ ....//
මනහාර කොමලාංගනාවියේ
ඔබ වේ මාගේ පෙම් අනංගා හෝ....
ඔබ වේ මාගේ පෙම් අනංගා
ඕ.....
ඔබ වේ පෙම් රති මා සුරංගී ඕ.....
ඔබ වේ පෙම් රති මා සුරංගී
මා ප්‍රේම සුදෝ ඕ.....
මා ප්‍රේම සුදෝ
පෙම් මාලා ගොතා ගෙලේ පළඳන්නෙම් ප්‍රේමේ
මා ප්‍රේම සුදෝ ඕ.....
මා ප්‍රේම සුදෝ
පෙම් පූජාසනේ සදා පුදනෙම් මා ප්‍රේමේ
මා ප්‍රේම සුදෝ ඕ.....
මා ප්‍රේම සුදෝ
ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද - ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි
1955 දී තිරගතවූ "මාතලන්" චිත්‍රපටියේ ගීයකි.
මුල් ගීය
පසු කලෙක කළ ගායනයක්
ලතා සුනෙත් සමග
ලතා අමිත් සමග
No comments:
Post a Comment