Thursday, May 16, 2019

පෙම් තිසරාණෝ

පෙම් තිසරාණෝ
මා ළැදියාණෝ

පෙම් තිසරාණෝ
මා ළැදියාණෝ
වෙන් කළෙ කවුද අනේ, ලෝකේ
මා තනිවී ද අනේ ...//

ස්වර්ගෙ සොයා මා නිරයෙ වැටීලා
යමපල්ලන් හා සටනෙ යෙදීලා ....//

'තුම් සබඳේ මා
එන් සුහදේ මා
පිං සිදුවෙයි ගෙනයන්න මුදාලා //

පෙම් තිසරාණෝ
මා ළැදියාණෝ
වෙන් කළෙ කවුද අනේ, ලෝකේ
මා තනිවී ද අනේ

මිහිරැති ලෝකේ
නීරස වීලා
රුදු සිර සාලයේ
සිර ගත වීලා .....//

මා සිත් පතුලේ ඔබෙ රූ මවාලා
මියනෙමි ඔබෙ නම දෙතොලෙ රඳාලා //

පෙම් තිසරාණෝ
මා ළැදියාණෝ
වෙන් කළෙ කවුද අනේ, ලෝකේ
මා තනිවී ද අනේ

ගායනය - ලතා වල්පොල
පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය - රාජන් සහ නාගේන්ද්‍ර
1960 දී තිරගතවූ "වීර විජය" (විජයපූරි වීරන් [Vijayapuri Veeran] නම් දෙමළ චිත්‍රපටි කතාවයි) චිත්‍රපටියේ ගීයකි.

ගී තනුව ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් උපුටා ගැනීමකි.

No comments: