පෙම් යාත්‍රාව තනා පෙම් මූදේ පා කෙරූ මොහොතේ
රුවල කැඩී ගිලුණා ගැඹුරේහී
මායා පෙම් ලොව අන්ධකාරේ
තනිවී මංමුලාවී සෝකේ
මායා පෙම් ලොව අන්ධකාරේ
තනිවී මංමුලාවී
දිළිඳූ මාගෙ හර්දේ
ඇයි මේ ප්‍රේමෙ මැව්වේ ....//
මෝරා බාල කාලේ //
වැඩුණා ස්ථීර ආලේ
වැනසීලා ගියෙ අහෝ මා
දුගි වීලා ඉපදිලා
මායා පෙම් ලොව අන්ධකාරේ
තනිවී මංමුලාවී
ඔබගේ ප්‍රේම යහනේ
සැමදා ඉන්න සිතුවේ ...//
නැග ආල වේගේ //
තවමත් හර්දෙ ඇතිවේ
සැනසී මා ඉන්නෙ කොහොමා
අන් හිමිගේ තුරුලේහී
මායා පෙම් ලොව අන්ධකාරේ
තනිවී මංමුලාවී සෝකේ
මායා පෙම් ලොව අන්ධකාරේ
තනිවී මංමුලාවී
ගායනය - ලතා වල්පොල
පද රචනය - ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
සංගීතය - ආර්. මුත්තුසාමි
තනුව - ?
1956 දී තිරගත වූ රම්‍යලතා චිත්‍රපටියෙන්
No comments:
Post a Comment