Friday, May 24, 2019

පොඩි රෝස නෝන

පොඩි රෝස නෝන නේදෝ
මම ජැන්ඩි සිංඤ්ඤො නේදෝ
අපි රෝස නෝන ජැන්ඩි සිංඤ්ඤො නේ ...//

අද මේ වෙලාවේ
ඇවිත් මේ ඉලව්වේ ....//
ආදි කාලෙ ඒවා දැන් නෑ ගැලපෙන්නේ //

පොඩි රෝස නෝන නේදෝ
මම ජැන්ඩි සිංඤ්ඤො නේදෝ
අපි රෝස නෝන ජැන්ඩි සිංඤ්ඤො නේ

හීන් හිනාවයි ලස්සණ මූණේ
පහන් තාරකා නිල්මිණි දෑසේ ...//

අද මේ වෙලාවේ
ඇවිත් මේ ඉලව්වේ ....//

පුංචි පුංචි මල් කුමරියො එනවා දැක්කා
හැංගි හැංගි ඇස් නටවයි මේ බෝනික්කා
ආදි කාලෙ ඒවා දැන් නෑ ගැලපෙන්නේ

ඔසරිය අගේ නෑ
සරමට තැනක් නෑ ...//
පුංචි අපිත් ලොකු අයගේ විකාර ලෝකේ

පාන් කිරිත්තෙක් ඇවිදින් ඉන්නේ
රූං කියාලා පියඹා යන්නේ ...//

හිත පාවුණාවේ
සැනසී ගියාවේ ...//

රංචු රංචු සමනලියෝ පියඹා එන්නා
හිච්චි වුනත් ඇස් නටවයි මේ බෝනික්කා

සාරිය අගේ නෑ
රෙද්දට තැනක් නෑ .....//
පුංචි අපිත් ලොකු අයගේ විකාර ලෝකේ

පොඩි රෝස නෝන නේදෝ
මම ජැන්ඩි සිංඤ්ඤො නේදෝ
අපි රෝස නෝන ජැන්ඩි සිංඤ්ඤො නේ ...//

අද මේ වෙලාවේ
ඇවිත් මේ ඉලව්වේ ....//
ආදි කාලෙ ඒවා දැන් නෑ ගැලපෙන්නේ //

පොඩි රෝස නෝන නේදෝ
මම ජැන්ඩි සිංඤ්ඤො නේදෝ
අපි රෝස නෝන ජැන්ඩි සිංඤ්ඤො නේ

ගායනය - රූපා ඉන්දුමතී
ඉහත පද නව ගායනයට අනුවයි.
මුල් ගීයේ පද රචනය - ධර්මසිරි ගමගේ
තනුව - ගලගෙදර එම්.එම්.ඒ. හක්
සංගීතය - ටී.එෆ්. ලතීෆ්
1979 දී තිරගතවූ "මිනිසුන් අතර මිනිසෙක්" චිත්‍රපටියට නිර්මානය වූ ගීයකි. එම මුල් ගීය ගායනා කළේ, රූපා ඉන්දුමතී සමග රංජනී පෙරේරා ශිල්පිණියයි. එම මුල් ගායනයේ යහපත් තත්වයෙන් සංරක්ෂණය වී ඇති ගීයක් සොයා ගැනීමට තවදුරටත් උත්සාහ කරමි.

මුල් ගීයේ පද මෙලෙසිනි

පොඩි රෝස නෝන නේදෝ
මම ජැන්ඩි සිංඤ්ඤො නේදෝ
අපි රෝස නෝන ජැන්ඩි සිංඤ්ඤො නේ ...//

අද මේ වෙලාවේ
ඇවිත් මේ ඉලව්වේ ....//
ආදි කාලෙ ඒවා දැන් නෑ සලකන්නේ //

ඔසරිය අගේ නෑ
සරමට තැනක් නෑ ...//
පුංචි අපිත් ලොකු අයගේ විකාර ලෝකේ

පොඩි රෝස නෝන නේදෝ
මම ජැන්ඩි සිංඤ්ඤො නේදෝ
අපි රෝස නෝන ජැන්ඩි සිංඤ්ඤො නේ

හීන් හිනාවයි ලස්සණ මූණේ
පහන් තාරකා නිල්මිණි දෑසේ ...//

අද මේ ඇවිල්ලා
මා සමඟ නටාලා ...//

පුංචි පුංචි මල් කුමරියො එනවා දැක්කා
හැංගි හැංගි ඇස් නටවයි මේ බෝනික්කා

පොඩි රෝස නෝන නේදෝ
මම ජැන්ඩි සිංඤ්ඤො නේදෝ
අපි රෝස නෝන ජැන්ඩි සිංඤ්ඤො නේ

පාන්දරට දැක්කොත් සිරියාවයි
රූං කියාලා ආවේ ඒකයි .....//

හිනැහී ඇවිල්ලා
මා සමඟ රඟාලා ....//

පුංචි පුංචි සමනලයින් පියඹා එනවා
හැංගි හැංගි රෝස මලක් එබී බලනවා
රෝස නෝන කියලා මට විහිළු කරනවා

ඔසරිය අගේ නෑ
සරමට තැනක් නෑ ...//
පුංචි අපිත් ලොකු අයගේ විකාර ලෝකේ

පොඩි රෝස නෝන නේදෝ
මම ජැන්ඩි සිංඤ්ඤො නේදෝ
අපි රෝස නෝන ජැන්ඩි සිංඤ්ඤො නේ

No comments: