Monday, July 22, 2019

සීගිරි සුකුමාලියේ

සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ
මතකද අපි පාවුණා පෙම් අම නදියේ
ලස්සණ ඔබෙ රූපයේ නෙත සිත බැඳුණේ
නාමය ශ්‍රී ලංකාවෙ රැව් දෙන්නේ ඔබ ගෙනි සොඳුරේ

අතකින් මල් දරාලා
හසරැලි පාලා
සුසිනිඳු සළු ඔතාලා
විලවුන් ගාලා
ගෝමර පෙති විදාලා
දිස්නය දීලා
ආදරයෙන් උන් කාලෙ මේ දෑසෙ
සිතුවම් වීලා

සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ
මතකද අපි පාවුණා පෙම් අම නදියේ
ලස්සණ ඔබෙ රූපයේ නෙත සිත බැඳුණේ
නාමය ශ්‍රී ලංකාවෙ රැව් දෙන්නේ ඔබ ගෙනි සොඳුරේ

ඔබෙ රුව නැත මැකීලා
කල් ගතවීලා
මුලු දෙනෙතින් බලාලා
සිත සැනසීලා
ජන කවියන් ගොතාලා
කව් පදමාලා
කී විලසින් මං ගයමී රන්වන් ගී
හද සපුරාලා

සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ
මතකද අපි පාවුණා පෙම් අම නදියේ
ලස්සණ ඔබෙ රූපයේ නෙත සිත බැඳුණේ
නාමය ශ්‍රී ලංකාවෙ රැව් දෙන්නේ ඔබ ගෙනි සොඳුරේ

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
තනුව - සී.ටී. ප්‍රනාන්දු


පැරණි ගීය

නව ගීය

No comments: