Saturday, August 17, 2019

අසෝක වනයම පින් පාටයි


අසෝක වනයම පින් පාටයි
ළසෝ තැවුල් නිවෙනා පාටයි
අසෝක මල් වන බඹරාටයි
මේ මල සාලිය කුමරාටයි

නෙතේ කැළුම් හරි පින් පාටයි
ඉණේ බැඳුණු කග රන් පාටයි
තොසේ දඩයමේ යන පාටයි
හිතේ බොහෝ දේ ඇති පාටයි

මේ ලිය අතු බිඳ බිඳ මල් නෙළියේ
රෝ ලිය නම් රවටන්නට බැරියේ
ආලය ළඟ මා අවි අතහැරියේ
සාලිය මම් දැනගන් සියුමැලියේ

අසෝක වනයම පින් පාටයි
ළසෝ තැවුල් නිවෙනා පාටයි
තොසේ දඩයමේ යන පාටයි
හිතේ බොහෝ දේ ඇති පාටයි

මාලිගෙ මල්කරුගේ දුව වෙමි මා
යහනට ඔබෙ මේ මල් නෙළනෙමි මා
යහනට මගෙ මල් කුමටද ඇතිරී
මා ළය යහනට එනු මගෙ සොඳුරී

අසෝක වනයම පින් පාටයි
ළසෝ තැවුල් නිවෙනා පාටයි
අසෝක මල් වන බඹරාටයි
මේ මල සාලිය කුමරාටයි

නෙතේ කැළුම් හරි පින් පාටයි
ඉණේ බැඳුණු කග රන් පාටයි
තොසේ දදය මිය යන පාටයි
හිතේ බොහෝ දේ ඇති පාටයි

ගායනය - ජගත් වික්‍රමසිංහ සහ නීලා වික්‍රමසිංහ
පද - යමුනා මාලිනී පෙරේරා
තනුව - ස්ටැන්ලි පීරිස්


Asoka Wanayama Pin Patai - Neela Wickramasinha
(චිත්‍රය - ජෝර්ජ් කීට් ශිල්පියාගේ නිර්මානයකි.)

No comments: