Sunday, August 25, 2019

සඳ මා හා සිනාසුණා


සඳ මා හා සිනාසුණා
තරු මා හා කතා කළා
ඔබ මා හා සිනාසුනේ නෑ
ඔබ මා හා කතා කළේ නෑ

පුරා පෝය හඳ අහසට එන විට
මා යනවා බෝ මළුව දිහාවට
බෝ මළුවේ හිඳ පහන් කුලුණ යට
පෙරුම් පුරනවා ඔබ දැකගන්නට

සඳ මා හා සිනාසුණා
තරු මා හා කතා කළා
ඔබ මා හා සිනාසුනේ නෑ
ඔබ මා හා කතා කළේ නෑ

පුරා පෝය හඳ පායන විලසට
ඔබ එනවා බෝ සමිඳු පුදන්නට
නාඳුනනා සේ ආපසු යනවිට
සුසුම් නැගෙනවා හද උතුරන්නට

සඳ මා හා සිනාසුණා
තරු මා හා කතා කළා
ඔබ මා හා සිනාසුනේ නෑ
ඔබ මා හා කතා කළේ නෑ

ගායනය - ආචාර්ය දයාරත්න රණතුංග
පද - කුලරත්න ආරියවංශ
තනුව - ස්ටැන්ලි පීරිස්

මුල් ගීය
 


නව සංගීතයෙන්
 

Rap Part

සඳ මා හා සිනාසුණා
තරු මා හා කතා කළා
ඔබ මා හා සිනාසුනේ නෑ
ඔබ මා හා කතා කළේ නෑ

Rap Part

පුරා පෝය හඳ අහසට එන විට
මා යනවා බෝ මළුව දිහාවට ...//

Rap Part

බෝ මළුවේ හිඳ පහන් කුලුණ යට
පෙරුම් පුරනවා ඔබ දැකගන්නට

සඳ මා හා සිනාසුණා
තරු මා හා කතා කළා
ඔබ මා හා සිනාසුනේ නෑ
ඔබ මා හා කතා කළේ නෑ

Rap Part

පුරා පෝය හඳ පායන විලසට
ඔබ එනවා බෝ සමිඳු පුදන්නට ....//

Rap Part

නාඳුනනා ලෙස ආපසු යනවිට
සුසුම් නැගෙනවා හද උතුරන්නට

සඳ මා හා සිනාසුණා
තරු මා හා කතා කළා
ඔබ මා හා සිනාසුනේ නෑ
ඔබ මා හා කතා කළේ නෑ

Sanda Ma Ha Sinasuna - Dayarathna Ranathunga

No comments: