Tuesday, August 27, 2019

සිවු වසරක් තුළ පෙම් සිහිවටනය



සිවු වසරක් තුළ පෙම් සිහිවටනය
නෙතු කඳුළක් වේවා
මින් මතු කිසිදා කිසිම සැඳෑවක
අප නොම හමුවේවා

සීතල පව්වේ කඳුරැළි යායේ
සරසවි පායේ තුරු සෙවනැල්ලේ
ඔබ මට අවනත පොඩි දරුවෙකු සේ
සසර දිගේ ආ මේ දිගු ගමනේ
ඉවත බලාගමු නාඳුනනා සේ
මින් මතු හමු වී අප දෙන්නා

සිවු වසරක් තුළ පෙම් සිහිවටනය
නෙතු කඳුළක් වේවා
මින් මතු කිසිදා කිසිම සැඳෑවක
අප නොම හමුවේවා

හිමගිරි සෙවනේ දිය සීරාවේ
නාමල් යහනේ තරු මේලාවේ
නිහඬව වැළපෙන ඒ පෙම් සටහන්
මීදුම් සළුවක මැකී ගියාවේ
ඉවත බලාගමු නාඳුනනා සේ
මින් මතු හමු වී අප දෙන්නා

සිවු වසරක් තුළ පෙම් සිහිවටනය
නෙතු කඳුළක් වේවා
මින් මතු කිසිදා කිසිම සැඳෑවක
අප නොම හමුවේවා

ගායනය - ආචාර්ය දයාරත්න රණතුංග
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග



Siw Wasarak Thula Pem Sihiwatanaya - Dayarathna Ranathunga

No comments: