Tuesday, August 13, 2019

මල්මද කුමරී


මල්මද කුමරී මංගල ගමනේ
පෙම් සිතුවිල්ලයි හද මුමුණන්නේ
හද මුමුණන්නේ
සහන් එළිය කවදද ළං වන්නේ

මල්මද කුමරී මංගල ගමනේ
මල්මද කුමරී


චන්දන යහනේ මල් රොන් තවරා
විල්ලුද ඇතිරිලි අතුරන්නම්
පින්බර සොඳුරියෙ ඔබ එහි සතපා
කන්කළු ගීයෙන් සනසන්නම්
සනසන්නම්


මල්මද කුමරී මංගල ගමනේ
පෙම් සිතුවිල්ලයි හද මුමුණන්නේ
හද මුමුණන්නේ
සහන් එළිය කවදද ළං වන්නේ

මල්මද කුමරී මංගල ගමනේ
මල්මද කුමරී


දිසා වසා යන ලතාමඬුලු වී
ඔබ වෙත සෙවණ ම සලසන්නම්

මගේ අරාජික දෙවොලේ රජයන
සපුමල් කුමරා ඔබ වේ නම්
සැනසෙන්නම්

පැතුම් විමානෙට පිවිසෙන්නම්

ගායනය - නාලිනී රණසිංහ සමගින් මිල්ටන් මල්ලවාරච්චි
පද -සරත් විමලවීර
තනුව - එම්.කේ. රොක්සාමි
1974 දී තිරගතවූ ජීවන ගංගා චිත්‍රපටියේ ගීයකි.


Malmada Kumari - Milton Mallawarachchi & Nalini Ranasinha (From "Jeewana Ganga" Movie)

No comments: