Tuesday, September 17, 2019

ආව ගියාවට කීව කතා


ආව ගියාවට කීව කතා
කන්දුන්නයි මං අන්දවෙලා
ආව ගියා නම් ආලෙ මවා
කැන්දන් යන්නට මන්ද පමා
කැන්දන් යන්නට මන්ද පමා

මා ගැන අහලා
බලන්ට එනවා
මෙ ගම් හතේ ඈයෝ

ඒ අය යවලා මට දෙස් දෙනවා
ඉතින් මගේ බෑයෝ

ආව ගියාවට කීව කතා
කන්දුන්නයි මං අන්දවෙලා
ආව ගියා නම් ආලෙ මවා
කැන්දන් යන්නට මන්ද පමා
කැන්දන් යන්නට මන්ද පමා

නුඹ ගැන කියලා
පද වපුරණවා
දොරින් දොරේ නෑයෝ

ඒ ගැන හිතලා
හිත කකියනවා
අනේ මගේ දෙයියෝ

ආව ගියාවට කීව කතා
කන්දුන්නයි මං අන්දවෙලා
ආව ගියා නම් ආලෙ මවා
කැන්දන් යන්නට මන්ද පමා
කැන්දන් යන්නට මන්ද පමා

ගායනය - නිරෝෂා විරාජිනී
පද - සිසිර දිසානායක
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


Aawa Giyawata - Nirosha Virajini

No comments: