Saturday, May 23, 2020

මගේම නෙතු යුග


මගේම නෙතු යුග
අසරණ මා ඇයි
මේ ලෙස රවටන්නේ
මගේ සවන් යුග තනිවූ මා සිත
ඇයිදෝ රිදවන්නේ ....//

යන එන මාවත ගැවසෙන රූ මැද
ඇයගේ රුවම මවා
මා රවටා හිනැහෙන්නට තරමට
නෙත් යුග කුරිරු වෙලා

මගේම නෙතු යුග
අසරණ මා ඇයි
මේ ලෙස රවටන්නේ
මගේ සවන් යුග තනිවූ මා සිත
ඇයිදෝ රිදවන්නේ

නිසසල හැම විට සිහිනෙක විලසට
ඇයගේ හඩම නඟා
මා රවටා සැනසෙන්නට තරමට
දෙසවන් නපුරු වෙලා

මගේම නෙතු යුග
අසරණ මා ඇයි
මේ ලෙස රවටන්නේ
මගේ සවන් යුග තනිවූ මා සිත
ඇයිදෝ රිදවන්නේ ....//

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කුලරත්න ආරියවංශ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


සින්ග්ලංකා නිෂ්පාදනයක්වූ "සඳකඩපහණ" කැසට් පටයට 1982 දී  ඇතුළත්වූ මේ ගීය, 2001 වසරේදී නැවතත් සින්ග්ලංකා "නෑසෙන ගී රස 2" සංයුක්ත තැටියට හා කැසට් පටයට ඇතුළත් වුණා.

No comments: