Monday, May 18, 2020

රන් සමනලයෝ


රන් සමනලයෝ 
පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා ...//
මීදුම් සළුවේ
තුරු මල් උයනේ
කොයි යන්නේ පියඹා
රන් සමනලයෝ 
පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා

පෙම්බර ආල හිතේ 
ගී නොවෙදෝ ගැයුවේ
මොළකැටි බාල වියේ 
 හුරතල් කොතැනේ
මව් දෑතින් මිදුණාදෝ
යෞවනයේ මත් වීදෝ

රන් සමනලයෝ 
පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා ....//

ලද මනමාල හිතේ 
ආදරයේ සුවඳේ
තව නොදිටීද ලොවේ 
ජීවිතයේ අරුමේ
මල් යහනා පැතුවාදෝ
 යහනා හමුවේදෝ

රන් සමනලයෝ 
පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා ...//
මීදුම් සළුවේ
තුරු මල් උයනේ
කොයි යන්නේ පියඹා
රන් සමනලයෝ 
පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා

රන් සමනලයෝ 
පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා ....//

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - ප්‍රේමකීර්ති  අල්විස්
තනුව - සරත්  අල්විස්



ගීය ඇතුළත් වූ ඇල්බම
1981 "චන්ද්‍ර මඬල" සින්ග්ලංකා කැසට් පටය තුළින් දොරට වැඩියා.
2005 දී නිකුත්වූ "සුනිල් ගී 22 - සඳකඩපහණ" සංගත තැටියට  ඇතුළත් වුණා.

No comments: