Monday, May 18, 2020

රන් සමනලයෝ


රන් සමනලයෝ 
පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා ...//
මීදුම් සළුවේ
තුරු මල් උයනේ
කොයි යන්නේ පියඹා
රන් සමනලයෝ 
පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා

පෙම්බර ආල හිතේ 
ගී නොවෙදෝ ගැයුවේ
මොළකැටි බාල වියේ 
ඒ හුරතල් කොතැනේ
මව් දෑතින් මිදුණාදෝ
යෞවනයේ මත් වීදෝ

රන් සමනලයෝ 
පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා ....//

ලද මනමාල හිතේ 
ආදරයේ සුවඳේ
තව නොදිටීද ලොවේ 
ජීවිතයේ අරුමේ
මල් යහනා පැතුවාදෝ
ඒ යහනා හමුවේදෝ

රන් සමනලයෝ 
පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා ...//
මීදුම් සළුවේ
තුරු මල් උයනේ
කොයි යන්නේ පියඹා
රන් සමනලයෝ 
පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා

රන් සමනලයෝ 
පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා ....//

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - සරත් ද අල්විස්



ගීය ඇතුළත් වූ ඇල්බම
1981 "චන්ද්‍ර මඬල" සින්ග්ලංකා කැසට් පටය තුළින් දොරට වැඩියා.
2005 දී නිකුත්වූ "සුනිල් ගී 22 - සඳකඩපහණ" සංගත තැටියට ද ඇතුළත් වුණා.

No comments: