Tuesday, May 26, 2020

වනේ වන ඵල මියුරු වූදා


වනේ වන ඵල මියුරු වූදා
නැතේ ළඟ සියොතුන්
මලේ මල් රොන් පුසුඹ වූදා
කොහේදෝ බමරුන්
බමරුන්

වෙළී නැති බැරි දුකින් කාලය
හැළී දෝතින් නැවුම් ප්‍රේමය
අහී දුප්පත්කමින් ජය ගනු
රිසින් පියමං වූ යුගේ
හිතත් හිරිමල්
ඇයත් මනකල්
කල් බලා සිටියා
බලා සිටියා

නැඟී අළු යට ගිනිහිරක් මෙන්
දිනූ දා කිත් යසස් අභිමන්
එදා ගොළුවුණු පෙමත් කුළුඳුල්
දනව් ගම් හැරදා ගිහින්
බිඟුත් තනියෙන්
මලත් නටුවෙන්
තටු විදා ඉගිලී
ගියා ඉගිලී

වනේ වන ඵල මියුරු වූදා
නැතේ ළඟ සියොතුන්
මලේ මල් රොන් පුසුඹ වූදා
කොහේදෝ බමරුන්
බමරුන්

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - වසන්ත කුමාර කොබවක
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


මෙය 1988 දී මල් වට්ටියක් කැසට් පටය තුළින් දොරට වැඩි ගීයකි. 2001 දී නෑසෙන ගී රස 2 සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.

චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේ නිර්මාණයකි.

No comments: