Friday, October 16, 2020

උම්බෑ කිය කියා

උම්බෑ කිය කියා මරණ බයේ
උම්බෑ කිය කියා මරණ බයේ
කිරි ටික මුලදි බොයි
පස්සේ මරා කයි
මිනිසා දරුණු ඇයි
මේ එළදෙන අසයි
උම්බෑ කිය කියා මරණ බයේ
උම්බෑ කිය කියා මරණ බයේ

බැරි බර පටවලා කෙවිටෙන් තල තලා
කුර ගෙවෙනා තුරා මැරෙනා තෙක් දිරා
රෑ දහවල් උදේ විඳ විඳ දහ වදේ
නිරයේ දුක දකී දරු පවුලම රකී
අන්තිමෙ මේ ගොනා
මස් කර විකුණනා
කඩයට පවරණා
මිනිසයි තිරිසනා
කවදාදෝ මිනිසාගේ අනුකම්පා ඇතිවන්නේ

උම්බෑ කිය කියා මරණ බයේ
උම්බෑ කිය කියා මරණ බයේ

දරුවට මව නැතී දෙවරුවෙ කිරි දෙති
ගොමටික පොහොර වී ගොඩ මඩ සරු කෙරෙයි

මැරුණත් නොනවතී
හමට ද බැටදෙතී ....//
කවදාදෝ මිනිසා මේ තිරිසන් ගති දුරලන්නේ

උම්බෑ කිය කියා මරණ බයේ
උම්බෑ කිය කියා මරණ බයේ
කිරි ටික මුලදි බොයි
පස්සේ මරා කයි
මිනිසා දරුණු ඇයි
මේ එළදෙන අසයි
උම්බෑ කිය කියා මරණ බයේ
උම්බෑ කිය කියා මරණ බයේ

ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද - කරුණාරත්න අබේසේකර
තනුව - ටී.ආර්. පාපා
සංගීත අධ්‍යක්ෂණය – පී.එල්.ඒ. සෝමපාල
චිත්‍රපටිය - හතර මහ නිධානය 1965

1961 දී තිරගතවූ "Kumara Raja" ද්‍රවිඪ චිත්‍රපටියට J.P. Chandrababu ගායනා කළ "Onnume Puriyale" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



ද්‍රවිඪ ගීයේ පද

Onnume Puriyale Ulagathile
Onnume Puriyale Ulagathile
Ennamo Nadakudhu Marmamaa Irukudhu
Ennamo Nadakudhu Marmamaa Irukudhu
Onnume Puriyale Ulagathile

Kannile Kandadhum Kanavaai Thonudhu
Kaadhile Ketadhum Kadhaipol Aanadhu
Kannile Kandadhum Kanavaai Thonudhu
Kaadhile Ketadhum Kadhaipol Aanadhu

Ennaanu Theriyale Sonnaalum Vilangale
Ennaanu Theriyale Sonnaalum Vilangale
Ennaipole Yemaali Evanum Ille

Onnume Puriyale Ulagathile
Onnume Puriyale Ulagathile

Kannaana Thandhaiyai Kanneeril Thallinen

Kannaana Thandhaiyai Kanneeril Thallinen
Kannaadi Valaiyalai Ponaaga Enninen
Penaasai Veriyile Thanmaanam Theriyale
Penaasai Veriyile Thanmaanam Theriyale

Ennaipole Yemaali Evanum Ille
Onnume Puriyale Ulagathile

ஒண்ணுமே புரியலே உலகத்திலே
ஒண்ணுமே புரியலே உலகத்திலே
என்னன்னமோ நடக்குது மர்மமா இருக்குது
என்னன்னமோ நடக்குது மர்மமா இருக்குது
ஒண்ணுமே புரியலே உலகத்திலே

கண்ணிலே கண்டதும் கனவாய் போனது
காதிலே கேட்டதும் கதியாய் ஆனது
கண்ணிலே கண்டதும் கனவாய் போனது
காதிலே கேட்டதும் கதியாய் ஆனது

என்னான்னு தெரியலே சொன்னாலும் விளங்கலே
என்னான்னு தெரியலே சொன்னாலும் விளங்கலே
என்னை போலே ஏமாளி எவனும் இல்லே
ஒண்ணுமே புரியலே உலகத்திலே

கண்ணான தந்தையை கண்ணீரிலே தள்ளினேன்

கண்ணான தந்தையை கண்ணீரிலே தள்ளினேன்
கண்ணாடி வளையலை பொன்னாக எண்ணினேன்
பெண்ணாசை வெறியிலே தன்மானம் தெரியலே
பெண்ணாசை வெறியிலே தன்மானம் தெரியலே

என்னை போல ஏமாளி எவனும் இல்லே…
ஒண்ணுமே புரியலே உலகத்திலே…

Song - Onnume Puriyale Ulagathile
Singer - J.P. Chandrababu
Lyricist - K.D. Santhanam
Composer - Thiruthuraipoondi Radhakrishnan Pappa (T.R. Papa)
Movie - Kumara Raja 1961




හතර මහ නිධානය චිත්‍රපටියට ගැයුණු ගීය

No comments: