ලැබෙන්නේ හිතන දේ ලෝකේ
මහා දුෂ්කරතා මැද්දේ නේ ...//
මෙසේ දුක්,
සෝක සංසාරේ විඳී
මිනිහා නෑ පැරදෙන්නේ
සමාජේ අලස ඇයි මේ සාය
යහ මග යේදො නෑ තාම ...//
වැටී ඇති මාවතේ යන්කෝ
ඔබේ..,
ඒ සිත්හි මැලි හැර දා
ලැබෙන්නේ හිතන දේ ලෝකේ
මහා දුෂ්කරතා මැද්දේ නේ
මෙසේ දුක්,
සෝක සංසාරේ විඳී
මිනිහා නෑ පැරදෙන්නේ
සසර තුළ පිං නොදන්නෝ නම්
විනාසේ මාරුතේ මැදි වේ
සසර තුළ පිං නොදන්නෝ නම්
විනාසේ මාරුතේ මැදි වේ
එ මානේ,
රුදු ඉසි කෝපෙන් දනෝ
නැසිලා අපා ගත වෙයි
ලැබෙන්නේ හිතන දේ ලෝකේ
මහා දුෂ්කරතා මැද්දේ නේ
මෙසේ දුක්,
සෝක සංසාරේ විඳී
මිනිහා නෑ පැරදෙන්නේ
ගායනය - මොහිදීන් බෙග්
පද - කරුණාරත්න අබේසේකර
තනුව - චිත්‍රගුප්ත (Chitragupta Shrivastava)
සංගීතය - ගෝවර්ධනම්
1961 දී තිරගතවූ, සිංහලට දෙබස් කැවූ "සිම්බෝ" චිත්‍රපටියේ ගීයකි.
අනුරූප හින්දි චිත්‍රපටි ගීය වුයේ, 1958 වසරේ භාරතයේ තිරගතවූ "සිම්බෝ" චිත්‍රපටියේ ඇතුළත්වූ "Ye Mana Dil Jise Dhunde Badi Mushkil Se Milta Hai" යන මොහොමඩ් රාෆි ගැයූ ගීයයි.
හින්දි ගීතය
ये मन दिल जिसे ढूंढे बड़ी मुश्किल से मिलता है
ये मन दिल जिसे ढूंढे बड़ी मुश्किल से मिलता है
मगर जो ठोकरे खाए वही मंजिल से मिलता है
चलो बैठे हो क्या बेकार किस्मत के दोहरे पर
चलो बैठे हो क्या बेकार किस्मत के दोहरे पर
वही रास्ता हिया जो तुम्हारे दिल से मिलता है
ये मन दिल जिसे ढूंढे बड़ी मुश्किल से मिलता है
मगर जो ठोकरे खाए वही मंजिल से मिलता है
अगर दुश्मन कोई तूफान उठाए तो क्या परवा
अगर दुश्मन कोई तूफान उठाए तो क्या परवा
सफ़ीना लंड कर तूफ़ान को साहिल से मिलता है
ये मन दिल जिसे ढूंढे बड़ी मुश्किल से मिलता है
मगर जो ठोकरे खाए वह मंजिल से मिलता है
ye mana dil jise dhunde badi mushkil se milta hai
ye mana dil jise dhunde badi mushkil se milta hai
magar jo thokare khaye wahi manzil se milta hai
chalo baithe ho kya bekar kismat ke duhraye par
chalo baithe ho kya bekar kismat ke duhraye par
vahi rasta hia jo tumhare dil se milta hai
ye mana dil jise dhunde badi mushkil se milta hai
magar jo thokare khaye vahi manzil se milta hai
agar dushman koi tofan uthaye bhi to kya parvha
agar dushman koi tofan uthaye bhi to kya parvha
safina lund kar tufan ko sahil se milta hai
ye mana dil jise dhunde badi mushkil se milta hai
magar jo thokare khaye vhia manzil se milta hai
Singer - Mohammed Rafi
Lyricist - Majrooh Sultanpuri
Music Composer - Chitragupt (Chitragupta Shrivastava)
Movie - Zimbo (1958)
අතීතේ උන්න හැටි දෙන්නා
අනේ සිහිවේවී නේ හද දෙදරා
අහෝ මා නොකල දේවල් නෑ
ඔයාගේ ඒ ආදරේ සඳහා
එදා මගෙ හිසට අත තියලා
ඔයා දිවුරා කියූ ඒවා
ගියාදෝ මතක නැතිවීලා
යළිත් එය ඔබට සිහිවේවා
කළාවූ සියලු හොඳ එනවා
මගේ පසු පස්සෙන්ම දැන් එනවා
අතීතේ උන්න හැටි දෙන්නා
අනේ සිහිවේවී නේ හද දෙදරා
මගේ අත රැගෙන මහා පාරේ
සිඟාකෑමේ ද වුව එනවා
ලොවේ ඇති එකම සම්පත මා තමා යයි
අමතකද කීවා
එසේ කී සෑම දේ අද කෝ
කැපු ලී ගංගාවෙ පා කෙරුවා
අතීතේ උන්න හැටි දෙන්නා
අනේ සිහිවේවී නේ හද දෙදරා
මලානික මාගෙ හද මඬලේ
සදා දුක් වායු රැළි ආවා
පරාජිත ප්‍රේම සිතුවිල්ලේ
අදෝනා නාදේ නොඇසේවා
ගියාදෙන් සෑම දේ නැතිවී
සිටින්නම් තනියෙන්ම සැනසීලා
අතීතේ උන්න හැටි දෙන්නා
අනේ සිහිවේවී නේ හද දෙදරා
අහෝ මා නොකල දේවල් නෑ
ඔයාගේ ඒ ආදරේ සඳහා
ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද - මර්වින් සේනාරත්න
No comments:
Post a Comment