"ගී අරණ" සන්නාමය සහිත, "ගී අරණ පෙට්ටගම" (Gee Arana Pettagama) මුහුණු පොත හා "ගී අරණ" Blogger යන අඩවි වල සැරිසරන ඔබ, මේ අඩවි විසින් නියැලී සිටින කර්තව්‍යය අවබෝධ කරගෙන ඇතැයි විශ්වාස කරමු. සිංහල ගී ලෝලීන්ගේ ද, රසික රසිකාවියන්ගේ ද ගීයට ඇලුම් කරන සියළු දනන්ගේ ද, මේ ගී පිපාසය සංහිඳවීම පෙරදැරි කරගෙන, එකී කාර්යය ඉහළ සාධන මට්ටමක පවත්වාගෙන යාමට නිබඳවම කැපවී සිටිමි.
සිංහල ගී ඔබ වෙත ගෙන එන අඩවි කොතෙකුත් ඇත. මේ අඩවි වලින් කීයක් යම් ප්රතිපත්තියක පිහිටා කටයුතු කරනවාදැයි විමසා බලන්න.
"ගී අරණ" කටයුතු කරන්නේ තම අඩවි වලට පනවා ගනු ලැබූ ප්රතිපත්තියක පිහිටාය. එහිදී මාධ්‍ය විනය සුරකින අතර, තම අනන්‍යතාව සුරක්ෂිත කිරීමට අත්‍යන්තයෙන්ම කටයුතු කරනු ලබයි.
කොහෙන් හෝ ඩැහැගත් දෙයකින් අප අඩවි සරසන්නේ නැත. එසේ කොට එල්ලන දේ නිර්මාණයන් නොවේ. "ගී අරණ" අඩවියේ පලකරන හැම දෙයක්ම ස්වකීය නිර්මාණ වන අතර, සහාය ඇමුණුම් ඇතොත් ඒවායේ හිමිකාරිත්වය ගැන සඳහන් කිරීමට සැමවිටම කාරුණික වේ.
මෙහි කොතැනක හෝ ඇති ඕනෑම ගීයකට අදාලව,
එහි කතෘත්වය, පද මාලාව හා අනෙකුත් ඈඳුණු තොරතුරු අනිවාර්යයෙන්ම ඇතුළත් කෙරේ. එය ඔබ අත්දැක ඇත. සෑම ගීයකටම මේ තොරතුරු අන්තර්ගත කර ඇති බව, එනම් audio file එකටම ගොනු කර ඇති බව (details of the Authors and the Lyrics are embedded in the audio file) ඔබ නොදන්නවා විය හැක.
මේ දිනවල ප්‍රමුඛස්ථානය ලබා දී ඇති කටයුත්තක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමයි මෙම සටහනේ මුඛ්‍ය අරමුණ වූයේ.
ඔබ දන්නවා "ගී" 90 දශකයෙන් ඉස්සරහට ඕනෑම ගීයක් කොහෙන් හරි හොයාගන්න ඔබට පුළුවන්. ඒත් පැරණි ගී නැහැ. තිබුණත් නිසි ප්‍රමිතියකට නෑ. අන්න ඒ පැරණි ගී සුරැකීමටයි මේ දිනවල මූලිකත්වය දී කටයුතු කරන්නෙ. ඉතින් ගවේෂණ බොහොමයි. අතීතය පීරා බැලීම් බොහොමයි. අහුමුළු අවුස්සා බැලීම් බොහොමයි.
අවසන ඒ සියළු දේ විමර්ශනය කර අග්‍ර ඵලයයි ඔබට ගේන්නෙ.
තීක්ෂණ ඇසක් තිබේ නම් ඔබට ඒවා ග්‍රහණය වේවි. (ඒත් මේ අද පවතින්නෙ copy paste සමාජයක්. මාකට් කිරීම හැර වෙන දෙයක් නැහැ. එතනදි සාරධර්ම රැකෙන්නේ නැහැ.)
🙏 ස්තුතියි කියෙව්වාට. රැඳුණ ඔබට, රැඳෙන ඔබට 🚹 🚺 🚻 ප්‍රණාමය.🙏
https://www.facebook.com/geearana.pettagama with geearana.blogspot.com
2 comments:
බොහොම ස්තූතියි ගී අරණ ඔඔබට
Wish to know who you are..
Post a Comment