Tuesday, January 5, 2021

මනරම් රැඟුමන්

මනරම්
රැඟුමන්
කදිමයි මේ මනු ලොව කෙළි මඩුවකි කැරකෙ කැරකෙ දෛවේ ....//
ඕ මනුලොව කෙළිමඩුවකි කැරකෙ කැරකෙ දෛවේ

සුමධුර ගීත කියා
කන්කළු මිහිරේ
පාමින පාමින ප්‍රීති මෙම අයුරේ

සුමධුර ගීත කියා
කන්කළු මිහිරේ
පාමින පාමින ප්‍රීති මෙම අයුරේ

මඳහස් පා උදුල් 
මේ රඟ පා නිමල්
මඳහස් පා උදුල් 
මේ රඟ පා නිමල්
වෙර නැති'මුත් සිනහවෙ සිනහවෙ සිනහවේ

මනරම් 
රැඟුමන්
කදිමයි මේ මනු ලොව කෙළි මඩුවකි කැරකෙ කැරකෙ දෛවේ 
ඕ මනුලොව කෙළිමඩුවකි කැරකෙ කැරකෙ දෛවේ

දෛවය මේ ලෙසයි
එ ලෝක සත්‍යයකි
රියසක වාගෙ අහෝ
යයි නිති පෙරළී ...//

ඔව් කැරකේය දෛවෙ
ජීවනේ මේ සෑම පාවෙ ....//
කැරකෙන ලෝකෙ මෙලෙස වේ මෙලෙස වේ මෙලෙස වේ

මනරම් 
රැඟුමන්
කදිමයි මේ මනු ලොව කෙළි මඩුවකි කැරකෙ කැරකෙ දෛවේ 
ඕ මනුලොව කෙළි මඩුවකි කැරකෙ කැරකෙ දෛවේ

පවතින සම්පත් කොයි ද අද ලෝ කුසේ

නෑ වෙන කොයිවත් මධුර රැඟුම් සේ (එඑ ඒ ඒ...

පවතින සම්පත් කොයි ද අද ලෝ කුසේ
නෑ වෙන කොයිවත් මධුර රැඟුම් සේ

මනු කය යයි නැසීලා
පොළොවට පස් වෙලා ....//
නොනසින දේ මෙයයි මේ ලොවේ

මනරම් 
රැඟුමන්
කදිමයි මේ මනු ලොව කෙළි මඩුවකි කැරකෙ කැරකෙ දෛවේ 
ඕ මනුලොව කෙළි මඩුවකි කැරකෙ කැරකෙ දෛවේ

ගායනය - කේ. රාණි සමග ජමුනා රාණි
පද රචනය - ආනන්ද සමරකෝන්
තනුව - සී. රාමචන්ද්‍ර 
සංගීතය - එස්.එම්. සුබ්බයියා පිල්ලේ නායිදු

1957 දී තිරගතවූ "සූරසේන" චිත්‍රපටියේ ගීයකි.

1955 දී භාරතයේ තිරගතවූ "Azaad" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමගින් ඌෂා මංගෙස්කාර් ගායනා කළ "Aplam Chaplam" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



ටහන
"සූරසේන" සිංහල සිනමාවලියේ 47 වැනි චිත්‍රපටියයි. එය 1954 දී ප්‍රථම වරට තිරගතවූ "Malaikkallan" ද්‍රවිඪ චිත්‍රපටි ඇසුරෙන් නිෂ්පාදනය වූවකි. "Malaikkallan" ද්‍රවිඪ චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය කළ එස්.එම්. සුබ්බයියා පිල්ලේ නායිදුම "සූරසේන" චිත්‍රපටියේ ද සංගීත අධ්‍යක්ෂණය කිරීම විශේෂයකි. එසේ වුවත් "සූරසේන" චිත්‍රපටියේ එන සියළු ගී වලට තනු උපුටා ගෙන ඇත්තේ හින්දි චිත්‍රපටි ගී වලිනි. 
"Malaikkallan" ද්‍රවිඪ චිත්‍රපටි කතාවේ හින්දි නිෂ්පාදනයයි "Azaad" හින්දි චිත්‍රපටිය. "Aplam Chaplam" හින්දි ගීය නිර්මාණය කළේ සී. රාමචන්ද්‍ර. ඒ වුණත් සී. රාමචන්ද්‍ර ද්‍රවිඪ චිත්‍රපටියේ ගී තනු හින්දි චිත්‍රපටියට යොදා ගත්තේ නැහැ.

"Azaad" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමගින් ඌෂා මංගෙස්කාර් ගායනා කළ "Aplam Chaplam" යන ගී


Apalam chapalam
Chap laayi re duniya ko chhod
Teri gali aayi re aayi re aayi re

Apalam chapalam
Chap laayi re duniya ko chhod
Teri gali aayi re aayi re aayi re
Ho duniya ko chhod
Teri gali aayi re aayi re aayi re

Badaa majabur kiya
Haay tere pyaar ne
Maar diya maar diya
Haay tere pyaar ne
Badaa majabur kiya
Haay tere pyaar ne
Maar diya maar diya
Haay tere pyaar ne
Ab pachhataaye dil
Haay kit jaaye dil
Ab pachhataaye dil
Haay kit jaaye dil
Kaahe ko ye aag lagaayi re
Lagaayi re lagaayi re

Apalam chapalam
Chap laayi re duniya ko chhod
Teri gali aayi re aayi re aayi re
Ho duniya ko chhod
Teri gali aayi re aayi re aayi re

Tedha medha khel hai
Ye pyaar jo mai jaanati
Bhul ke bhi baat kabhi
Dil ki na maanati
Tedha medha khel hai
Ye pyaar jo mai jaanati
Bhul ke bhi baat kabhi
Dil ki na maanati
Dil beimaan hua
Dekho ji paraya hua
Dil beimaan hua
Dekho ji paraya hua
Roye roye jaan ganvaayi re
Ganvaayi re ganvaayi re

Apalam chapalam
Chap laayi re duniya ko chhod
Teri gali aayi re aayi re aayi re
Ho duniya ko chhod
Teri gali aayi re aayi re aayi re

Daga dene waalaa dekho
Kaisa daga de gayaa
Chhod gayaa yaad
Aur dil meraa le gayaa
Daga dene waalaa dekho
Kaisa daga de gayaa
Chhod gayaa yaad
Aur dil meraa le gayaa
Mai ne hi qusur kiya
Aise ko jo dil diya
Mai ne hi qusur kiya
Aise ko jo dil diya
Sudh budh sab bisaraai re

Apalam chapalam
Chap laayi re duniya ko chhod
Teri gali aayi re aayi re aayi re
Ho duniya ko chhod
Teri gali aayi re aayi re aayi re.

अपलम चपलम
चाप लाई रे दुनिया को छोड़
तेरी गली आयी रे आयी रे आयी रे

अपलम चपलम
चाप लाई रे दुनिया को छोड़
तेरी गली आयी रे आयी रे आयी रे
हो दुनिया को छोड़
तेरी गली आयी रे आयी रे आयी रे

बड़ा मजबूर किया
है तेरे प्यार ने
मार दिया मार दिया
है तेरे प्यार ने
बड़ा मजबूर किया
है तेरे प्यार ने
मार दिया मार दिया
है तेरे प्यार ने
अब पछताए दिल
अब पछताए दिल
हाय किट जाए दिल
काहे को ये आग लगाई रे
लगाई रे लगायी रे

अपलम चपलम
चाप लाई रे दुनिया को छोड़
तेरी गली आयी रे आयी रे आयी रे
हो दुनिया को छोड़
तेरी गली आयी रे आयी रे आयी रे

टेढ़ा मेढ़ा खेल है
ये प्यार जो मैं जानती
भूल के भी बात कभी
दिल की न मानती
टेढ़ा मेढ़ा खेल है
ये प्यार जो मैं जानती
भूल के भी बात कभी
दिल की न मानती
दिल बेईमान हुआ
देखो जी परया हुआ
दिल बेईमान हुआ
देखो जी परया हुआ
रोये रोये जान गंवाई रे
गंवायी रे गंवायी रे

अपलम चपलम
चाप लाई रे दुनिया को छोड़
तेरी गली आयी रे आयी रे आयी रे
हो दुनिया को छोड़
तेरी गली आयी रे आयी रे आयी रे

दगा देने वाला देखो
कैसा दगा दे गया
छोड़ गया याद
और दिल मेरा ले गया
दगा देने वाला देखो
कैसा दगा दे गया
छोड़ गया याद
और दिल मेरा ले गया
मई ने ही क़ुसूर किया
ऐसे को जो दिल दिया
मई ने ही क़ुसूर किया
ऐसे को जो दिल दिया
सुध बुध सब बिसराई रे

अपलम चपलम
चाप लाई रे दुनिया को छोड़
तेरी गली आयी रे आयी रे आयी रे
हो दुनिया को छोड़
तेरी गली आयी रे आयी रे आयी रे.

Song - Apalam chapalam
Singers - Lata Mangeshkar & Usha Mangeshkar
Lyricist - Rajendra Krishan
Composer - C. Ramchandra (Ramchandra Narhar Chitalkar)



ලතා මංගෙස්කාර් සහ ඌෂා මංගෙස්කාර් ඉහත ගීය සජීවී ව ප්‍රසංගයක ගායනා කළ අවස්ථාවක්



දිල්හානි ඒකනායක සහ සංගීතා වීරරත්න, 2004 රිදී රැයක් ප්‍රසංගයට නර්ථනයක් ඉදිරිපත් කළා "මනරම් රැඟුමන්" ගීයට මෙලෙසින්. (රූප රාමු වල අයිතිය ජාතික රූපවාහිනී ආයතනය සතුයි. වඩා ඉහළ තත්වයේ වීඩියෝවක් ඉදිරිපත් කිරීමට අවකාශ නැති බව තේරුම් ගන්න. මෙම වීඩියෝව ද අන්තර්ජාලයෙන් ඉවත් වීමට ඉඩ ඇත. හිමිකාරිත්වය පිළිබඳ නෙෙතික තත්වයන්ට හිස නමන්න.)

No comments: