Wednesday, December 15, 2021

ආයුබෝවන් ආයුබෝවන්

ආයුබෝවන් ආයුබෝවන්
ආදර මිහිරේ ආයුබෝවන්
ඔබමයි නිරතුරු සිහිවන්නේ
යළි හමුවන තුරු ආයුබෝවන් ....//
ආයුබෝවන්
ආයුබෝවන්

දහසක් තරු යට සැණකෙළියේ
ඔබ නෙත් පමණයි මා දුටුවේ ....//
එතුවක් නැළවුණු රෑ යාමේ
සඳ මෙනි ඔබ පායා ආවේ

ආයුබෝවන් ආයුබෝවන්
ආදර මිහිරේ ආයුබෝවන්
ඔබමයි නිරතුරු සිහිවන්නේ
යළි හමුවන තුරු ආයුබෝවන්
ආයුබෝවන්
ආයුබෝවන්

අතීත කඳුළැලි කුසුම් විලේ
අනාගතේ රන් පියුම් පිපේ ...//
සඳ පායන විට හෙට අහසේ
හිනැහෙමු මුළු ලොවකට රහසේ

ආයුබෝවන් ආයුබෝවන්
ආදර මිහිරේ ආයුබෝවන්
ඔබමයි නිරතුරු සිහිවන්නේ
යළි හමුවන තුරු ආයුබෝවන් ....//
ආයුබෝවන්
ආයුබෝවන්
ආයුබෝවන්
ආයුබෝවන්

ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා
පද - බණ්ඩාර කේ. විජේතුංග
මුල් තනුව පිළිබඳ විස්තර, හින්දි ගීයේ වීඩියෝවට පසු දක්වා ඇත.

1966 දී භාරතයේ තිරගතවූ "ලව් ඉන් ටෝකියෝ" හින්දි චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගායනා කළ, Sayonara Sayonara Wada nibhaungi Sayonara යන ගීයේ අනුකරණයකි.


හින්දි ගීතය

Sayonara sayonara
Wada nibhaungi sayonara
Ithalati aur balakhati
Kal phir aungi sayonara
Sayonara sayonara
Wada nibhaungi sayonara
Ithalati aur balakhati
Kal phir aungi sayonara
Sayonara sayonara

Chhod de meri banho ko
Rok na meri raho ko
Chhod de meri banho ko
Rok na meri raho ko
Itani bhi betabi kya
Samajha apani nigaho ko

Sayonara sayonara
Wada nibhaungi sayonara
Ithalati aur balakhati
Kal phir aungi sayonara
Sayonara sayonara

Chanchal shokh baharo me
Ras barasate nazaro me
Chanchal shokh baharo me
Ras barasate nazaro me
Tujhako bhul na paungi
Hoga milan gulazaro me

Sayonara sayonara
Wada nibhaungi sayonara
Ithalati aur balakhati
Kal phir aungi sayonara
Sayonara sayonara

Hogi roz mulaqate
Apane din apani rate
Hogi roz mulaqate
Apane din apani rate
Kaun hame phir rokega
Ji bhar kar karana bate

Sayonara sayonara
Wada nibhaungi sayonara
Ithalati aur balakhati
Kal phir aungi sayonara
Sayonara sayonara sayonara

सायोनारा सायोनारा
वडा निभाउंगी सायोनारा
इठलाती और बलखाती
कल फिर आऊंगी सायोनारा
सायोनारा सायोनारा
वडा निभाउंगी सायोनारा
इठलाती और बलखाती
कल फिर आऊंगी सायोनारा
सायोनारा सायोनारा

छोड़ दे मेरी बांहों को
रोक न मेरी राहों को
छोड़ दे मेरी बांहों को
रोक न मेरी राहों को
इतनी भी बेताबी क्या
समझा अपनी निगाहों को

सायोनारा सायोनारा
वडा निभाउंगी सायोनारा
इठलाती और बलखाती
कल फिर आऊंगी सायोनारा
सायोनारा सायोनारा

चंचल शोख बहरो में
रस बरसाते नज़रों में
चंचल शोख बहरो में
रस बरसाते नज़रों में
तुझको भूल न पाऊँगी
होगा मिलन गुलज़ारो में

सायोनारा सायोनारा
वडा निभाउंगी सायोनारा
इठलाती और बलखाती
कल फिर आऊंगी सायोनारा
सायोनारा सायोनारा

होगी रोज़ मुलाक़ाते
अपने दिन अपनी रेट
होगी रोज़ मुलाक़ाते
अपने दिन अपनी रेट
कौन हमें फिर रोकेगा
जी भर कर करना बाटे

सायोनारा सायोनारा
वडा निभाउंगी सायोनारा
इठलाती और बलखाती
कल फिर आऊंगी सायोनारा
सायोनारा सायोनारा सायोनारा

Singer - Lata Mangeshkar
Lyricist - Hasrat Jaipuri
Composers - Shankar Jaikishan
Movie - Love In Tokyo 1966



මුල් තනුව .....

භාරතයේ 1966 දී තිරගතවූ Love
 in Tokyo නම් හින්දි චිත්‍රපටියේ ගී සියල්ලම ජනප්‍රිය වුණා. ඒ චිත්‍රපටිය ලංකාවේ ප්‍රදර්ශනය වුණේ අවුරුදු තුනකට විතර පස්සෙ.

නමුත් හින්දි චිත්‍රපටියේ ගී වලට අනුකාරක ගී මෙහේ තැනුණා භාරතයේ හින්දි චිත්‍රපටිය ප්‍රදර්ශනය වෙද්දීම.

අන්න එහෙම ජී.එස්.බී. රාණි පෙරේරා මහත්මිය ගැයූ "ආයුබෝවන්" ගීය  Love in Tokyo හින්දි  චිත්‍රපටියේ ඇතුළත් වූ Saayonara saayonara ගීයේ අනුකරණයයි.

හින්දි චිත්‍රපටියට සංගීත අධ්‍යක්ෂණය කළේ, ශන්කර් ජායිකිෂන්.
Saayonara saayonara ගීයට තනුව නම් උපුටා ගත් එකක්.

1920 දී තමයි ඒ මුල් තනුව බිහිවුණේ.
Albert Ketèlbey නිර්මාණය කළා සරල ශාස්ත්‍රීය සංගීතයක්, ඔහුගේ වාද්‍ය වෘන්දය සඳහා.
අන්න ඒ තනුව අයත් වාද්‍ය ඛණ්ඩය ඇතුළත් කරලා, චිත්‍රපටි දර්ශන වල විවේකී විරාමයේ පෙන්වීමට දර්ශනද සහිතව විනාඩි 6 ක පමණ කෙටි දර්ශන ඛණ්ඩයක් නිකුත් වූවා 1921 දී.

එය නම් කර තිබුණේ In a Persian Market කියලා.
දර්ශන වල  ඇතුළත් වුණේ, තවලමක් වෙළඳ පොළට ළඟාවීමක්, නයි නටවන්නෙක්, සේවකයන් විසින් දෝලාවක රැගෙන යන කුමරියක්, යාඤ්ඤාවක්, තවලමේ නික්ම යාම,  ආදී දර්ශන.

මෙන්න සඳහන් කළ සංගීත ඛණ්ඩය.



No comments: