Thursday, November 17, 2022

පැරකුම් සමුදුර තෙර

පැරකුම් සමුදුර තෙර නුඹ නැඟෙනා
ඒ අපරාජිත හැඩි දැඩි පිළිරුව
හිත් පිත් නැති කළු ගලෙකැයි සිතුවෙමි

මුලා වුණි දෙනුවන් පියාණනි
සමා වුව මැන පියාණනී

දෙනයන උතුරන ආදර බැල්මයි
දෑතේ දිව යන විරු හෙළ ගුණයයි
දැයට පුදනු මැන පියාණනී

පැරකුම් සමුදුර තෙර නුඹ නැඟෙනා
ඒ අපරාජිත හැඩි දැඩි පිළිරුව
හිත් පිත් නැති කළු ගලෙකැයි සිතුවෙමි

මුලා වුණි දෙනුවන් පියාණනි
සමා වුව මැන පියාණනී

දෝතින් ගත් දිය කඳ මා දෑතට
පුදනු මැනවි මා පියාණනී ...//

පැරකුම් සමුදුර තෙර නුඹ නැඟෙනා
ඒ අපරාජිත හැඩි දැඩි පිළිරුව
හිත් පිත් නැති කළු ගලෙකැයි සිතුවෙමි

මුලා වුණි දෙනුවන් පියාණනි
සමා වුව මැන පියාණනී

ගායනය - විවියන් ද සිල්වා බොරලැස්ස
පද - ඩබ්.ඒ. අබේසිංහ
තනුව - ප්‍රේමසිරි කේමදාස



No comments: