සිංහල චිත්‍රපටියක් නිෂ්පාදනය කිරීම පිළිබඳ අදහස, මෙරට ව්‍යාපාරිකයන් තිදෙනෙකුගේ සිත් වල ඇතිවන්නේ එකම කාලයකදීය.
දේශීය දමිළ ව්‍යාපාරිකයෙකු වූ එන්. තුරෙයිසිංගම්, තව ද දේශිය වෙළඳ ව්‍යාපාරිකයන් වූ වූ එස්. නායගම් හා චිත්තම්පලමි ඒ. ගාඩිනර් මේ තිදෙනාය.
කණ්ඩායම් තුනක් ලෙස මොවුන් දකුණු ඉන්දියාවට යන්නේ එකම අරමුණන පිහිටාය. ඒ ප්‍රථම සිංහල චිත්‍රපටිය නිෂ්පාදන කොට තිරගත කිරිමේ අරමුණයි.
මේ කර්තව්‍යයට අත ගැසූ තිදෙනාම දමිළ ව්‍යාපාරිකයන් වීම නිසා තිදෙනාටම දකුණු ඉන්දියාවේ සම්බන්ධතා තිබුණි.
තුරෙයිසිංගම් ප්‍රධාන කණ්ඩායම මදුරාසියේ නැප්චූන් චිත්රාගාරයට ගොස් වැඩ ආරම්භ කරද්දී, එස්.එම්. නායගම් ප්‍රධාන කණ්ඩායම තෝරාගත්තේ මදුරයෙි හී චිත්රකලා මුවිටෝන් චිත්රාගාරයයි.
මීගමුවේ නාට්‍ය කරුවෙකු වූ බී.ඒ.ඩබි. ජයමාන්න සම්බන්ධ කරගත් නායගම්, ඔහුගේ 'කඩවුණු පොරොන්දුව' නාට්‍යයේ කතාව චිත්‍රපටියක් ලෙස ගෙන ඒමට තීන්දු කළේය.
චිත්තම්පලම් ඒ. ගාඩිනර් ප්රමුඛ කණ්ඩායම දකුණු ඉන්දියාවේ කොයිම්බතූර් හී සෙන්ට්‍රල් චිත්රාගාරයට ගියේ 'අශෝකමාලා' කතාව චිත්‍රපටියට නැංවීමේ තීරණය රැගෙනය.
ගාඩිනර් ඊට සහාය කරගත්තේ ශාන්ති කුමාර් සෙනෙවිරත්නය.
පළමුව චිත්‍රපටිය ලක් ජනතාවට පෙන්වීමේ ඕනෑකම මේ කණ්ඩායම් තුනටම තිබුණේය. නාට්‍යකරුවෙකු වූ බී.ඒ.ඩබ්. ජයමාන්න තම නාට්‍යයක් චිත්‍රපටියකින් ගෙන එන්නට නායගම් හා එකතු වුණත්, එය කරන්නේ කොහොමද යන්න ගැන කිසිම දෙයක් දැන සිටියේ නැත. නාට්‍යයේ සියළු අඩුම කුඩුම ඇදුම් ඈ ආම්පන්න සියල්ල ද දකුණු ඉන්දියාවට රැගෙන ගිය බවක් සඳහන් වේ.
ශාන්ති කුමාර්ට ප්‍රායෝගික දැනීමක් නොතිබුණත් චිත්‍රපටියක් තැනීම ගැන යම් අදහසක් තිබුණේය. තවද හොඳ චිත්‍රපටියක් හදන්න ඕනෑය යන අදහස ද තදින් සිත් හී පෙරදැරි විය.
මේ කණ්ඩායම් තුන මේ කර්තව්‍යයට අත ගැසූ සමයේ දෙවන ලෝක යුද්ධය වූ නිසා, ඔවුනට ගැටළු රැසකට මුහුණ දෙන්නට සිදුවිය.
කෙසේ නමුත් ප්‍රථමයෙන් වැඩ නිමවා චිත්‍රපටිය ලක් ජනතාවට පෙන්වීමේ අවස්ථාව උදාකරගත්තේ එස්.එම්. නායගම්ගේ කණ්ඩායමය.
1947 ජනවාරි 21 දා "කඩවුණු පොරොන්දුව" චිත්‍රපටිය ප්‍රදර්ශනය මෙරට ප්‍රදර්ශනය ඇරඹිණ.
ඉන් තුන් මසක් පමණ ඇවෑමෙන් දෙවන කථානාද චිත්‍රපටිය "අශෝකමාලා" ප්‍රදර්ශනයට නිකුත් කිරීමට හැකි විය.
1947 අප්‍රේල් 09 වැනිදා ඒ අවස්ථාව උදාවුණි.
"අශෝකමාලා" සිංහල සිනමාවට එකතු වූ දෙවන චිත්‍රපටය වුවත්, ඒ මගින් පළමුව කළ කාර්යයන් කිහිපයක් ම විය.
ඩබ්. ඩී. ඇල්බට් පෙරේරා (පසු කලෙක ඩබ්. ඩී. අමරදේව) සහ මොහිදීන් බෙග් චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසෙන්නේ මේ චිත්‍රපටය තුළිනි. හින්දි හෝ ද්‍රවිඪ ගී තනු වෙනුවට ස්වතන්ත්‍ර නිර්මාන වලින් යුත් ගී චිත්‍රපටයට යොදා ගැනීම මෙහි දී සිදුවූ විශේෂම සිද්ධියකි.
1. භවේ භීත
පද - ඩී.ටී. ප්‍රනාන්දු
සංගීතය - මොහොමඩ් ගවුස්
පද - ඩී.ටී. ප්‍රනාන්දු
සංගීතය - මොහොමඩ් ගවුස්
"ගී අරණ ගී මී" යූටියුබ් නාළිකාවෙන්..පද - ඩී.ටී. ප්‍රනාන්දු
තනුව - පණ්ඩිත් අමර්නාත් රෂීඩ්
ගායනය – භාග්‍යරති
පද - ඩී.ටී. ප්‍රනාන්දු
සංගීතය - මොහොමඩ් ගවුස්
ගායනය – මොහිදින් බෙග්
පද - ඩී.ටී. ප්‍රනාන්දු
සංගීතය - මොහොමඩ් ගවුස්
ගායනය – ඩබ්.ඩී. ඇල්බට් පෙරේරා
පද - ඩී.ටී. ප්‍රනාන්දු
සංගීතය - මොහොමඩ් ගවුස්
ගායනය – භාග්‍යරති සහ පිරිස
පද - ඩී.ටී. ප්‍රනාන්දු
සංගීතය - මොහොමඩ් ගවුස්
ගායනය – භාග්‍යරති සමග මොහිදින් බෙග්
පද - ඩී.ටී. ප්‍රනාන්දු
සංගීතය - මොහොමඩ් ගවුස්
ගායනය – භාග්‍යරති
පද - ඩී.ටී. ප්‍රනාන්දු
සංගීතය - මොහොමඩ් ගවුස්

No comments:
Post a Comment