ගෙට ආවම වෙහෙස වෙලා
ඕපදූප රස කරලා
නොකියනු කරදර කරලා
ඒක සැබයි සැබැයි සැබැයි
කාසි පණම් හම්බ කරල
දුන්නම හිමි බාරි අතට
අමතර වියදම් කරලා
ඉවර වුනොත් වැටෙයි දුකට
අන්න ඒක හිතට ගනින්
ආලෙ පාලා කාරෙ බැන්ද
ස්වාමි ඇතත් නැතත් ගෙදර
පාලා මුකුළු කොමල සිනා
විහිළු තහළු කැතයි ගෙදර
නුඹත් එහෙම නේද බොලං
රේස් සූදුවට ගොහිල්ල
පැරදී හිමි ගෙට ආ විට
රේස් පිස්සා කියල හිමිට
එපා රවලා බැණ වදින්ට
මගෙ ගෑණිත් එහෙම තමයි
තමන්ගෙ සොහොයුරාට මිස
වෙනින් කිසිම පිරිමියෙකුට
ලැගුම් දෙන්න එපා ඇඳේ
තම හිමියා නැතුව රෑට
එහෙම කළොත් බොහොම කැතයි
ගෙදර අඳින කිමෝන එක
ඇඳල පාරෙ යන්ට එපා
එහෙම ඇඳල ගිහින් පාරෙ
විලි ලැජ්ජා වෙන්ට එපා
වෙන ඇඳුමක් ඇඳල වරෙන්
යාළු මිතුරො මිතුරියො තම
හිමියා ගැන කියන දෝස
ඒව අහලා හිමියා ගැන
ගන්ට එපා අවිශ්වාස
මුල පෑදෙයි දික්කසාදෙ
සැපට දුකට සිටින හිමියා
හැර වෙන පිරිමින් සමගින්
කවට කමටවත් නොකියනු
නොනිසි කතා හිනාවෙමින්
රටේ පිරිමි නොමඟ යාවි
කබරයාට තලගොයා ය
කීවත් හිමි සමහර විට
දබර නොකර පිළිගත්තොත්
සමගිය වේ මුළු පවුලට
ඒක තමයි කීකරු කම
මත්පැන් සිගරට් සුරුට්ටු
ගෑණු අතර පාවිච්චිය
බොහොම කැතයි සමහරවිට
අංගොඩටත් යණ්ඩ වේය
සුරා යකත් ඔළුවෙ නගී
ගායනය - ලැටීෂියා පීරිස් සමග බර්ට්රම් ප්රනාන්දු
පද - මර්සිලීනු ඇල්බට්
සංගීතය - බී.එස්. පෙරේරා
තැටි අංකය - WN. 515
(His Master's Voice)
1950 දී තිරගතවූ "හදිසි විනිශ්චය" චිත්රපටියේ ගීයකි.

No comments:
Post a Comment